අන්තර් ආයතනික ගැටලු නිරාකරණය කර ගනිමින් රාජ්‍ය ආයතන ඔස්සේ ක්‍රියාත්මක ජනතා සේවාවන් කාර්යක්ෂම කරන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද දින උපදෙස් දුන්නේය.
බත්තරමුල්ල සුහුරුපායේ පිහිටි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ පැවති අමාත්‍යංශ නිලධාරින්ගේ හමුවට එක්වෙමින් අග්‍රාමාත්‍යතුමා මේ බව සඳහන් කළේය.
ප්‍රමාදවෙමින් පැවති සංවර්ධන ව්‍යාපෘති කිහිපයක් පිළිබඳව මෙහි දී අග්‍රාමාත්‍යතුමා අවධානය යොමු කළේය.
ඇතැම් ව්‍යාපෘති ප්‍රමාදවීමට හේතුවී ඇත්තේ අන්තර් ආයතනික සබඳතා දුරස්ථව පැවතීම නිසා බව පෙන්වා දුන් අග්‍රාමාත්‍යතුමා එවැනි කටයුතු මින් ඉදිරියට මනා සන්නිවේදනයකින් යුතුව කාර්යක්ෂම කර ගැනීමට පියවර ගන්නැයි අමාත්‍යංශ නිලධාරින්ට උපදෙස් දුන්නේය.
අනවසර ඉදිකිරීම් වෙනුවෙන් පියවර ගැනීම, අඩුපහසුකම් සහිත ජනතාව වෙනුවෙන් නිවාස යෝජනා ක්‍රියාත්මක කිරීම, නාගරික සංවර්ධන අධිකාරිය සතු ඉඩම් සංවර්ධනයට දායක කර ගැනීම, තෙත් බිම් හා ඇළරක්ෂිත ප්‍රකාශයට පත්කිරීම, සමුද්‍ර දූෂණය වැළැක්වීම, ධීවර වරායන්වල ඝන අපද්‍රව්‍ය කළමනාකරණය, ධීවර වරායන්වල වැලි ඉවත් කිරීම, ප්‍රජා භූමි සංවර්ධනය ඇතුළු නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශයට අයත් ආයතනවල ගැටලු රැසකට මෙහිදී අග්‍රාමාත්‍යතුමා විසඳුම් ලබා දුන්නේය.
වැලිකඩ බන්ධනාගාරය ප්‍රතිස්ථාපනය කිරීම, මාතර කොටුව සහ මහනුවර රථ ගාල සංවර්ධන ව්‍යාපෘති පිළිබඳවද අග්‍රාමාත්‍යතුමාගේ අවධානය යොමුවිය.