ශරීරය නොවැසෙන ලෙස ඇඳුම් ඇඳිම ශ්‍රී ලංකාවේ සංස්කෘතියට නොගැලපෙන බවත් ශ්‍රී ලංකාවේ සංස්කෘතියට ගැලපෙන ඇඳුම් අඳින ලෙසත් හබරාදූව ප්‍රජා පොලිස් ඒකකය විසින් පළකල දැන්වීමක් මේ වන විට මතභේදයට තුඩු දී තිබේ.
මේ පිළිබඳව සංචාරක සංවර්ධන අධිකාරිය පවසන්නේ එවැනි දැන්වීම් අනවශ්‍ය බවත් මේ පිළිබඳව අදාළ පාර්ශ්වයන් සමග සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවයි.