රාජපක්ෂ නොවන ආණ්ඩුවක ඉදිරි පාර්ලිමේන්තුවේ තමා වාඩි වෙන බවත් බුවනෙකබාහු රාජ සභා මණ්ඩපය චක් ගෝලයකු නොවන කෙනෙක් කැඩුවානම් තමාට කළාක් මෙන්ම රාජපක්ෂවරු ඔහුව බිල්ලට දෙන බවත් ජනතාව අද කල්පනා කරන්නේ තමන් කොරෝනාවෙන් මැරෙනවාද බඩගින්නේ මැරෙනවාද සිතමින් බව සජින් වාස් ගුණවර්ධන මහතා පවසයි.
අද (22) අම්බලන්ගොඩ පැවති ජනහමුවකදී ඔහු මේ බව කීවේය.
එහිදි තවදුරටත් කතා කළ සජින් වාස් ගුණවර්ධන මහතා ,
අද ජනතාවට දරන්න බැරි විදිහට බඩු මිල ඉහල ගිහිල්ලා. මේ නිසාම එදා තුන්වේල කාපු ජනතාවට දැන් කන්න වෙලා තියෙන්නේ එක වේලයි නැත්නම් වේල් දෙකයි. මේ තත්ත්වය තවදුරටත් පැවතියහොත් ජනතාවට නොකාම තමයි මැරෙන්න වෙන්නේ. ඒක නුදුරේම සිදුවෙනවා.
මේ ආණ්ඩුව බලයට ආවේ ජනතාවට සහන දෙනවා කියලා. ඒ අතරින් ප්‍රධාන තැනක් ගත්තේ ජනතාවට අඩු මිලට පාරිභෝගික ද්‍රව්‍ය තියෙනවා කියලා. අඩු මිලට දින කිහිපයක් සැමන් ,පරිප්පු දීලා ජනතාව රැවැට්ටෙව්වා. දින කිහිපයක් අඩු මිලට පරිප්පු කාපු ජනතාවට දැන් සැබැවටම මේ ආණ්ඩුව තියෙනකම්ම පරිප්පු කන්න වෙලා.
කොරෝනාවෙන් හෙම්බත්වෙලා ඉන්න ජනතාවට දැන් බඩගින්නේ ඉන්නවෙලා. ඒ නිසා දැන් ජනතාව කල්පනා කරන්නේ තමන් කොරෝනාවෙන් මැරෙනවාද බඩගින්නේ මැරෙනවාද සිතමිනුයි ඉන්නේ.
කුරුණෑගල බුවනෙකබාහු රාජ සභා මණ්ඩපය කඩපු එක ගැන අගමැති මහින්ද රාජපක්ෂ මහතා ගණන් ගන්නේ නැති පාටක් තමයි ඔහුගේ කතාවෙන් තේරෙන්නේ. එයා කතා කරන්නේ බුවනෙකබාහු රජතුමාගේ මුස්ලිම් භාර්යාවක් ගැනයි. හැබැයි පොහොට්ටුවේ නොවෙන කෙනෙක් මේ පුරාවිද්‍යා ගොඩනැගිල්ල කැඩුවානම් එයා ඉන්නේ හිරේ. ඒ තමයි මහින්ද රාජපක්ෂ මහතාගේ හැටි. බිල්ලට දෙන්න ඕන කෙනෙක්නම් බිල්ලට දෙනවා. මහින්ද රාජපක්ෂ මහත්තයා මටත් කරේ ඒකයි .ඒ මහතා මාවත් බිල්ලට දුන්නා.
කතා දෙකක් නැහැ මේ ගොඩනැගිල්ල පුරාවිද්‍යා වටිනාකමක් තියෙන එකක් .ඒක පැහැදිලිවම පුරාවිද්‍යා කොමසාරිස්තුමා කියනවා. එහේම තියෙද්දිත් ඒ අපරාධය කරපු කෙනේට දඩුවම් නොකර ඒ ප්‍රශ්නයෙන් මගහැර යාමට අගමැති මහින්ද රාජපක්ෂ මහත්තයා උත්සහා දරනවා.මේක තමයි මහින්ද රාජපක්ෂ මහත්තයලාගේ හැටි. අපේ ජනතාව මේවා ගැන කල්පනා කරන්න ඕන.
කරන්දෙණියේ - සුසිල් ප්‍රියන්ත