සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතාගේ ප්‍රජා අයිතිය අහෝසි කරන ලෙස ඉල්ලා රජයට බල කරන ඉල්ලීම වෙනුවෙන් ඒ සඳහා මහජනතාවගෙන් අත්සන් ගැනීමේ ව්‍යාපාරයක් අද (3) දින පොළොන්නරුව මහ රෝහල ඉදිරිපිට දි සිදු කෙරිණි.
මෙම කටයුත්ත රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ පොළොන්නරුව ශාඛාව විසින් සංවිධානය කර තිබිණි.
මෙම අවස්ථාවට රජයේ වෛද්‍ය නිලධාරි සංගමයේ පොළොන්නරුව ශාඛාවේ ලේකම් කසුන් රණතුංග මහතා ඇතුළු එම සංගමයේ සාමාජික වෛද්‍යවරු එක්ව සිටියහ.
මේ සඳහා විශාල පිරිසක් අත්සන් තබන අයුරු දැක ගත හැකි විය.
හිඟුරක්ගොඩ - ඩබ්.පියතිලක