සුඛෝපභෝගී මෝටර් රථයකින්ප්රවාහනය කරමින් තිබූ රුපියල් ලක්ෂ 50 ආසන්න වටිනා හෙරොයින් මත්කුඩු තොගයක් හා මුදල් සමඟ "රාජගිරියේ කට් රොෂාන් " සහ තවත් පුද්ගලයෙක් රාජගිරිය හේවාවිතාරණ විද්‍යාලය ආසන්නයේදී අද අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය කියයි.
එම සැකකරු සන්තකයේ තිබී මත්කුඩු ග්‍රෑම් 307ක් සහ රුපියල් ලක්ෂ 11 ක මුදලක් පොලිසිය භාරයට ගෙන ඇත.
පොලිස් විශේෂ කාර්ය බලකා බුද්ධි කොට්ඨාසයට ලද තොරතුරක් අනුව සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී වැලිකඩ බන්ධනාගාරයේ සිරදඬුවම් විඳින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වන රාජගිරිය දමිත නමැත්තාගේ උපදෙස් මත මෙම මත්කුඩු ප්‍රවාහනය කළ බව අනාවරණය වී ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා රාජගිරිය සහ මොරගස්මුල්ල පදිංචි වයස අවුරුදු 36 ,37 පසුවන්නන්ය.
පොලිස් විශේෂ කාර්ය බලකා බුද්ධි කොට්ඨාසයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නදීක සිල්වා මහතාගේ උපදෙස් මත පොලිස් පරීක්ෂක රාජනායක මහතා ඇතුළු නිලධාරීන් පරීක්ෂණ පවත්වයි.
බිමල් ශ්‍යාමන් ජයසිංහ