රාගම දුම්රිය හරස් මාර්ගය අසළ රථවාහන රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට ඔවුන්ගේ රාජකාරියට බාධා කළ කාන්තාව අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි. අදාළ කාන්තාව පදවන ලද යතුරුපැදිය නවතා පරීක්ෂා කිරීමේදී ඇය මෙසේ එම කටයුතු සඳහා බාධා කළාය.
අවුරුදු 31ක් වන වැලිසර පදිංචි සුපිනි සවිත්රා පෙරේරා නම් කාන්තාවක් මෙසේ අත්අඩංගුවට ගෙන ඇත. රියදුරු බලපත්රයක් නොමැතිව ධාවනය, ලියාපදිංචි නොකර ධාවනය හා රාජකාරිය ඉටු කිරීමේදී සාපරාධී බලහත්කාරය පෑම යන චෝදනා යටතේ මෙම කාන්තාව ඊයේ (03දා) අත්අඩංගුවට ගෙන තිබේ.