රාගම දුම්රිය හරස් මාර්ගයේදී කොළඹ කොටුවේ සිට මහනුවර බලා ධාවනය වූ දුම්රියේ ගැටීමෙන් දෙදෙනෙක් මියගොස් තවත් දෙදෙනෙක් තුවාල ලබා ඇතැයි පොලීසිය පවසයි.
අද (27දා) පෙරවරුවේදී මෙම අනතුර සිදුව තිබේ. කාන්තාවන් දෙදෙනෙක් හා පිරිමින් දෙදෙනෙක් දුම්රියේ ගැටී ඇත. එහිදී කාන්තාවක් හා පිරිමි පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව ඇත.
තුවාල ලැබූවන් රාගම රෝහලේ ප්රතිකාර ලබයි.