රක්ෂිතවලට කැළිකසල බැහැර කරන ස්ථාන 53 මේ වන විට ස්ථාන 09 දක්වා අවම කර ගැනීමට රජය ගෙන ගිය වැඩ පිළීවෙළ නිසා හැකි වී ඇතැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
වන රක්ෂිතවලට කැළීකසල බැහැර කිරීම් සම්බන්ධව තොරතුරු අමාත්‍යවරයා විසින් පරිසර අමාත්‍යාංශයෙන් ඉල්ලා තිබු අතර එම තොරතුරු අනුව පෙනී ගොස් තිබෙන්නේ වන රක්ෂීතවලට කැළිකසල බැහැර කිරීම අවම කර ගැනීම සඳහා ඒ ඒ නගර සභා සහ ප්‍රා දේශීය සභා විසින් අනුගමනය කර ඇති විකල්ප ක්‍රියා පිළිවෙත් හේතුවෙන් මෙම තත්ත්වය අවම කර ගැනීමට හැකිවි ඇති බවයි.
කෙසේ වුවද මෙම වසරේ ඉදිරි කාලය තුළ දැනට කැළිකසල බැහැර කරන ස්ථාන ලෙස හඳුනාගෙන ඇති රක්ෂිතවලට ද කැළිකසල බැහැර කිරීම නතර කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්නා බවත්, රක්ෂිතවලට කැළිකසල බැහැර කිරීම නීතිවිරෝධී වුවත් ඇතැම් පුද්ගලයින් එම නීතිවිරෝධී කටයුතු තවමත් සිදු කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.