පොලොන්නරුව ඕනෑගම සිංහරාජගම මායිමේ වෙට්ටකාඩු අමුණට යාබද පුරා විද්‍යා රක්ෂිතයේ ඉපැරණි ස්ථූප ගොඩනැගිල්ලක් ලෙස සැළකෙන ස්ථානයක් ඩෝසර් කර විනාශකර ඇතැයි ප්රදේශවාසිහු පවසති.
මෙම ප්‍රදේශය ඉපැරණි නටඹුන් සහිත ප්‍රදේශයක් බව මීට පෙර අවස්ථා ගණනාවක දී ම අනාවරණය කර තිබිය දීත් ඓතිහාසික උරුමයන් රැසක් පෙළවට සමතලා කිරීම බරපතල වරදක් බව ද ඔවුහු පෙන්වා දෙති.
ඉපැරණි ස්ථූපයක් පිහිටියේ යැයි කියන මෙම ස්ථානය ඉකුත් සතියේ දිනක ප්‍රදේශයේ කිසියම් පුද්ගලයෙකු විසින් මෙසේ ඩෝසර් කර ගැඹුරට හාරා නැවත එම පස් වලින් වසා දමා ඇතැයි ද ඔවුහු පෙන්වා දෙති.
මෙම ස්ථානයේ තිබුණු අනුරාධපුර යුගයට අයත් ගඩොල්,ශිලාමය කුළුණුවල කැබලි ඇතුලු පුරා සාධක රැසක් විනාශ වී ඇති අතර මෙම ප්‍රදේශය වනජීවී ප්‍රේරක කලාපයට අයත් බව ද ඔවුහු පෙන්වා දෙති.