පවතින වියළි කාලගුණික තත්වය හමුවේ රක්වාන අවට පිහිටි වතු සමාගම් වලට අයත් කැලෑ භූමි ප්‍රදේශ වල ගිනි තැබීම් ඉහල යාම නිසා ජල මූලාශ්‍ර සිදී යාමේ තත්වයක් ඇති වී තිබෙන බව වාර්තා වේ.
වන සතුන් දඩයම් කිරීම සඳහා මෙම කැලෑ භූමි ප්‍රදේශ දඩයම් කරුවන් විසින් ගිනි තැබීම සිදු කරන බවත්, ඒ හරහා සතුන් කැලෑ ප්‍රදේශවලින් ඉවතට ගෙන දඩයම් කිරීමට පටන්ගෙන ඇති බවත් රක්වාන අඩවි වන කාර්යාලය සඳහන් කරන අතර, අනවසරයෙන් ඉඩම් අත්පත්කර ගැනීම සඳහා වතු සමාගම් වලට අයත් වන භුමි හා කැලෑ ප්‍රදේශ ගිනි තැබීම් සිදු කරන බවත් හෙළිව ඇතැයි සඳහන්.
මේ අනුව රක්වාන, මස්ඉඹුල,ඩිප්වින්,ඇලර්ටන්,ලෙනාර්ක්,ඕබඩකන්ද,මාදම්පේ වත්ත යන ප්‍රදේශ ආශ්‍රිතව නිරන්තරයෙන් ගිනි තැබීම් වාර්තා වන බවද එම කාර්යාලය පවසයි.
මේ හේතුවෙන් ගම් රැසකට ජල අවශ්‍යතා සැපයෙන පොලොන් ඇල්ල,ගල්දොළ,හඳපාන් ඇල්ල,කටුගස් ඇල්ල, හදුමල් දොළ, ඉදිකටු දොළ, රක්වාන ගඟ ආදී ජල මූලාශ්‍ර රැසක් සිඳී යාමේ අවදානමකට පත්ව ඇත.මේ හේතුවෙන් ජලය හා ආහාර සොයා වන සතුන් ගම්මාන වලට පැමිණීමට පටන්ගෙන තිබේ.