රැකියා විරහිත උපාධිධාරීන්ට මැතිවරණ සමයේදීත් පත්වීම් ලිපි ලබාදීමට අවස්ථාව සලසා දෙන ලෙස ඉල්ලා අද (02දා) ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරී සංගමය මැතිවරණ කොමිසමට සංදේශයක් භාරදීමට කටයුතු කළේය.
වසර හතකට (7) පසු රැකියා විරහිත උපාධිධාරීන් රැකියා පුහුණුව සඳහා මේ දිනවල බඳවා ගනිමින් සිටින බවත්, මෙම වැඩපිළිවෙළ අඛණ්ඩව කරගෙන යාමට අවස්ථාව ලබාදෙන ලෙසට ඉල්ලා සිටි බවත් එම සංගමයේ කැඳවුම්කරු පූජ්‍ය තැන්නේ ඥානානන්ද හිමියෝ අවධාරණය කළහ.
පාරිලමේන්තුව අද (02දා) රාත්‍රි‘යේ විසුරුවා හැරීමට කටයුතු කරන බවට ප්‍රකාශ වී තිබෙන බවද, පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසු පත්වීම් ලිපි ලබාදීම නවතා දමන නිසා මෙම ඉල්ලීම සිදුකළ බවද කැඳවුම්කරු පවසා සිටියහ.