විදේශ රටවල රැකියා ලබා දෙන බව පවසා දිවයිනේ විවිධ ප්රදේශවල පුද්ගලයන්ගෙන් මුදල් වංචා කළ බවට සැකකරන කාන්තාවක් අද (13දා) අත්අඩංගුවට ගත් බව බණ්ඩාරවෙල පොලීසිය පවසයි.
ගනේමුල්ල ප්රදේශයේ පදිංචි පොලිස් රෝහලට අනුයුක්තව සේවයේ යෙදී සිටින පොලිස් සැරයන්වරියක මෙසේ අත්අඩංගුවට පත්ව ඇත. සැකකාරිය විසින් බණ්ඩාරවෙල ප්රදේශයේ පදිංචි පුද්ගලයන් දෙදෙනෙකුගෙන් රුපියල් ලක්ෂ පහළොවක මුදලක් වංචා කළ බවට බණ්ඩාරවෙල පොලීසියට ලැබුණු පැමිණිල්ලක් අනුව කළ වැටලීමකදී සැකකාරිය අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට පත් සැකකාරිය බණ්ඩාරවෙල මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. බණ්ඩාරවෙල මූලස්ථාන පොලිස් ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක චන්දන ජයතිලක මහතාගේ අධීක්ෂණය යටතේ එහි නිලධාරීහු පිරිසක් සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදු කරති.
බණ්ඩාරවෙල - රවිඳු දසුන්