කොවිඩ් නිසා සිය රැකියාව අහිමිවීම ඇතුළු විවිධ ගැටලු හේතුවෙන් උන්හිටි තැන් අහිමිවූ ලාංකිකයන් පිරිසක ඩුබායි හි සැට්වා උද්‍යානයේ රැඳී සිටින බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.
මේ අතරින් බොහෝ පිරිසක් මාස තුනක Visit Visa ලබාගෙන ඩුබායි වෙත පැමිණ රැකියාවක් සොයා ගැනීමට උත්සාහ කළ පිරිසක් බවද ඩේලි ටෙලිග්රාෆ් පුවත්පත සඳහන් කරයි.
මේ අතරින් ඇතැම් පිරිස් ඩුබායි හි රැකියා කළත් කොවිඩ් 19 වසංගත හේතුවෙන් සිය රැකියා අහිමි වී ඇති බවත් ඔවුන් සති දෙකකට ආසන්න කාලයක් උද්‍යානයේ රැඳී සිටින බවත් එම මාධ්‍ය වාර්තා කරයි.