රක්නා ලංකා සමාගමේ හිටපු සභාපති වික්ටර් සමරවීර අද (08) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරවීමෙන් පසු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, ඇවන්ට්ගාර්ඞ් සිද්ධිය සම්බන්ධයෙන්. පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් ඇවන්ට්ගාර්ඞ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති ඇතුළු 08 දෙනෙකු වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි නීතිපතිවරයා ඉකුත්දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබුණි.