යාපනය කරයිනගර් එළුවතීව් මුහුදු තීරයේදී සිදුකරන ලද සෝදිසියකදී රුපියල් කෝටි දෙකකට අධික වටිනාකමින් යුත් කේරල ගංජා කිලෝ 141 ක් සමගින් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බවට නාවික හමුදාව පවසයි.
උතුරු නාවික විධානයේ නිලධාරීන් පිරිසක් විසින් කරෙයිනගර් එළුවතිව් මුහුදු තීරයේද සිදු කරන ලද සෝදිසි මුර සංචාරයකදී ගමන් කරමින් තිබූ සැකකටයුතු ධීවර යාත්‍රාවක් පරික්ෂා කිරීමේදී යාත්‍රාවේ සඟවා තිබූ අදාල කේරල ගංජා තොගය අත්අඩංගුවට ගනු ලැබීය.
යාත්‍රාවේ ගමන් කරමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු හා යාත්‍රාවද නාවික හමුදා භාරයට ගෙන ඇති අතර සැකකරුවන් විසින් අදාල කේරල ගංජා තොගය ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් උතුරට රැගෙනවිත් විකිණීමේ ජාවාරමක නිරත වී ඇති බවට නාවික හමුදාව සැක පල කර සිටියි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් මන්නාරම පේසාලෙයි ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර ඔවුන් නිරෝධායන කටයුතු සඳහා කයිට්ස් මහජන සෞඛ්‍ය පරික්ෂක කාර්යාලයට භාර දී ඇති අතර කේරල ගංජා තොගයන් වැඩිදුර පරික්ෂණ කටයුතු සඳහා කයිට්ස් පොලීසියට භාර දීමට නාවික හමුදාව විසින් පියවර ගනු ලැබීය.