රුපියල් කෝටි 38ක වටිනා බැංකු ගිණුම් හා ඇමෙරිකානු ඩොලර් හාර ලක්ෂ හැට නවදහසක මුදලක් විදෙස්රටවලින් ලැබුණ සැකකරුවන් සිව්දෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
රුපියල් ලක්ෂ 750ක නීත්‍යානුකූල නොවන මුදලක් කොළඹ පෞද්ගලික බැංකුවකින් ලබාගැනීමට පුද්ගලයන් තිදෙනෙක් කටයුතු කරන බවට ලැබුණ බුද්ධි තොරතුරකට අනුව පසුගිය 31 දා සවස 4.30ට පමණ හෙරොයින් මිලි ග්‍රෑම් 65ක් සමග මෝටර් රථයේ සිටි පුද්ගලයින් 3ක් අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරුවන්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී ඔවුන් හෙරොයින් ජාවාරමට සම්බන්ධ බවට තොරතුරු ලැබී ඇති අතර ඒ සම්බන්ධව තවත් සැකකරුවෙක්ද අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම සැකකරුවන් අවුරුදු 32,38, හා 42 යන වයස්හි පසුවන වව්නියාව, පන්නිපිටිය, පිටකොට්ටේ හා බත්තරමුල්ල ප්‍ර දේශවල පදිංචිකරුවන් වෙයි.
මෙසේ අත්අඩංගුවට ගත් වව්නියාව සැකකරුගේ බැංකු ගිණුමට විදේශ රටකින් මුදල් රුපියල් ලක්ෂ 750ක් ලැබී තිබේ.
බත්තරමුල්ල ප්‍ර දේශයෙන් අත්අඩංගුවට ගත් සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී මොවුන්ට අයත් නොවන වෙනත් පුද්ගලයින් 05 දෙනෙකුගේ බැංකු ගිණුම් වෙත රුපියල් කෝටි 31කට අධික මුදලක් හා ඇමෙරිකානු ඩොලර් හාර ලක්ෂ හැට නවදහසක මුදල් ලැබී ඇති බවට අණාවරණය කර ගෙන තිබේ.
සැකකරුවන් දින හතක් රඳවාගෙන ප්‍රශ්න කරන බව පොලීසිය පවසයි.