Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 දෙසැම්බර් මස 12 වන බ්‍රහස්පතින්දා
2024 දෙසැම්බර් මස 12 වන බ්‍රහස්පතින්දා
ජනාධිපති හා හිටපු ජනපති ඝාතන කුමන්ත්‍රණය සම්බන්ධව දැනට රහස් පොලිස් අත්අඩංගුවේ සිටින රෝ ඔත්තු සේවයට සම්බන්ධ ඉන්දීය ජාතිකයා තමාගේ නිවසට අවස්ථා දෙකකදී පැමිණ තිබුණ බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අද (17දා) පැවසීය.
ඊට අමතරව තමාගෙ පක්ෂ කාර්යාලයටද ඔහු පැමිණ තිබුණු බවත්, එම අවස්ථාවලදී තමා නොසිටි බැවින් ඔහු මුණ නොගැසුනු බවත් මන්ත්‍රීවරයා මෙහිදී සඳහන් කළේය.
ඒකාබද්ධ විපක්ෂය විසින් බොරැල්ල ඇන්.ඇම්.පෙරේරා කේන්ද්‍රයේ පැවැත් වූ මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ විමල් වීරවංශ මහතා,
“මේ ඉන්දීය ජාතිකයා අප දන්නා තොරතුරු අනුව පාපොච්චාරණය කර තිබෙනවා ඉන්දීය රෝ ඔත්තු සේවයට සම්බන්ධ බවට. මොහු අවස්ථා දෙකකදී මා සොයාගෙන මගේ නිවසට පැමිණ තිබුණා. මම නිවසේ නොසිටි බැවින් ගේට්ටුව ළඟදි ආපසු හරවා යවා තිබුණා.
නමුත් දිගටම මම එනතුරු කියමින් නිවස ඉදිරිපිට රැඳී සිට තිබුණා. ඒ වගේම අපේ කාර්යාලයට මාව හොයාගෙන ඇවිත් තියෙනවා. මා නොසිටි නිසා ඒ අවස්ථාවේ එම ස්ථානයේ සිටි අයෙකු සමග කතාකරලා නැවත ගොස් තිබෙනවා. මොහුට ලංකාවට ඉදිරිපත් කර තිබෙන නම නෙමෙයි රෝ සංවිධානය තුළ තියෙන නම.” යනුවෙන් පවසා සිටියේය.
popular news
Lanka Perera Wednesday, 17 October 2018 02:58 PM
නිකන් පච කියන්න එපා
Reply : 6 11
rohan Wednesday, 17 October 2018 04:11 PM
විමල් කට තිබුණු පලියට ඔල්මාදයෙන් වගේ දොඩවන්න එපා. රෝ එකේ ය බෝතල් පත්තර කාරයෝ වගේ ගෙවල් වලට එන්නේ නෙහෙ.ඔය හිතුවද අපි නිකම් මෝඩයෝ කියල.
Reply : 0 3
Champa Thursday, 18 October 2018 12:01 AM
Rohan ඔත්තු කාරයෝ ඉන්නේ බෝතල් පත්තර කාරයෝ වගේ විතරක් නෙමේ හිඟන්නෝ, ත්‍රී වීල් කාරයෝ, කොන්ඩේ කපන්නෝ, කම්කරුවෝ, ගොයම් කපන්නෝ, උම්මත්තකයෝ, වෙළෙන්දෝ, සෞඛ්‍ය සේවකයෝ, මහල්ලෝ, ශිෂ්‍යයෝ, ව්‍යාපාරිකයෝ සහ ටයි කෝට් ඇඳපු executivesලා වගෙත් ඉන්නවා. අනේ ඇත්තටම චිත්‍රපටියක්වත් කවදාවත් බලල නැත්ද ඔච්චරටම නොදන්නේ?
Reply : 53 0
Nandana Wednesday, 17 October 2018 04:42 PM
Gona bawa therenne punnaku Saha thnakola kanakotai Nethnam buffolo thamai.
Reply : 15 42
rocky Wednesday, 17 October 2018 06:14 PM
මුළු ජීවිතේටම .. නිකම් ආසාවට වත් ඇත්තක් නම් කියලා නැතුව ඇති! කට අරිනකොට රටම ගඳ ගහනවා. කන්නේ ජරාවනේ!
Reply : 1 18
Deepal Nirosh Friday, 19 October 2018 08:42 AM
රෝ ඔත්තු සේවාවට වඩා රටම විමල්ගෙ කටට බයවෙලා වගෙයී
Reply : 47 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd