රට තුල පවතින වාතාවරණය මත අඩු ආදායම්ලාභී පවුල් සඳහා රජයෙන් ලබා දෙන රුපියල් 5000 දීමනාව තමන්ට මෙතෙක් නොලැබුණ බව පවසමින් තලවකැලේ, ලිඳුල, නාගසේන ප්රදේශයේ පිරිසක් නාගසේන ග්රාම නිලධාරී කාර්යාලය අසල අද (23) සවස විරෝධතාවයක නිරත වුහ.
රුපියල් 5000 දීමනාව ලබා ගැනීමට පැමිණෙන ලෙස දැනුම්දී ඊට අදාල ඉල්ලුම්පත් පුරවාදීමෙන් පසුවත් තමන්ට එම මුදල නොලැබුණු බව විරෝධතාවයේ නිරත පිරිස කියා සිටියහ.
ආගරපතන ප්රාදේශීය සභාවේ ස්වාධීන මන්ත්රීවරයෙකු වන රුවන් පතිරණ මහතාද මෙම විරෝධතාවයට එක්ව සිටියහ.
පසුව එම ස්ථානයට නුවරඑළිය ප්රාදේශිය ලේකම් කාර්යාලයේ නිලධාරිවරයෙකු පැමිණ සුදුසුකම් ඇති සෑම පවුලකටම අදාල රුපියල් 5000 දීමනාව හෙට (24) දින ලබාදීමට කටයුතු කරන බව පැවැසීය.
ශාන් හුලංනුගේ