දිවයින පුරා රුපියල් 5000 දීමනාව ලබා දී අවසන් කිරීමට සති එකහමාරක පමණ කාලයක් ගතවනු ඇතැයි විෂය භාර රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා ප්‍රකාශ කළේය.
ඔහු සඳහන් කර සිටියේ ජනතාව එක්රැස් කර මුදල් බෙදාදීමට නුසුදුසු බැවින් එය කළමනාකරණය කිරීම සඳහා නිලධාරින්ට කාලය අවශ්‍ය වනු ඇති බවයි.
ඒ අනුව කලබල නොවී තම දීමනාව ලබා ගැනීමට කටයුතු කරන ලෙස තමන් ජනතාවගෙන් ඉල්ලා සිටින බව රාජ්‍ය අමාත්‍යවරයා පවසා සිටියේය.