බද්දෙගම ගුරුසිංහගොඩදී ඊයේ (14 ) රාත්රියේදී යුද හමුදා නිලධාරියෙකුට මන්නා පිහි පහර එල්ල කල පුද්ගලයා අද (15 ) තමා එල්ල කල මන්නයත් සමගම භාරවූ බව බද්දෙගම පොලීසිය පවසයි.
සැකකරුගේ මන්නා පිහි පහර ලැබූ ශ්රී ලංකා යුද හමුදා පාබල රෙජිමේන්තුවේ පුහුණු කිරිමේ නිලධාරියෙක් බරපතළ තුවාල ලබා ඔහු මේ වනවිට කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්රතිකාර ලබමින් සිටින බවද පොලීසිය පවසයි .
යුද හමුදා නිලධාරියාගේ හිසට සැකකරු මන්නා පිහි පහර එල්ල කල තිබෙන බව පවසන පොලීසිය ඔහු ස්ත්රී දූෂණයක් සම්බන්ධයෙන් අධිකරණයේ විභාග වන නඩුවක ප්රධාන සැකකරුවෙකු බවද කියයි .
ඇදිරි නීතිය පවතින අවස්ථාවේදී යාබද නිවස දෙසින් ඇසෙන කැගැසීමක් පිළිබදව සොයා බැලීමට ගිය අවස්ථාවේදී යුද හමුදා නිලධාරියාට මන්නා පිහියක් අතැතිව කැගසමින් සිටි මේ සැකකරු යුද හමුදා නිලධාරියාට ඔහු අත තිබූ මන්නා පිහියෙන් පහරදී තිබෙන බවද පොලීසිය කියයි .
ඒ සමගම සැකකරු එම ස්ථානයෙන් මාරුවී ගොස් තමන් සැකපිට ප්රශ්න කිරීම සදහා අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටියදී ඔහු පොලීසිය මග හැර භාරවූ බවද පොලීසිය කියයි .
මේ සැකකරු අද (15 ) පස්වරුවේදී බද්දෙගම අධිකරණයට ඉදිරිපත් කරන බවද පොලීසිය පවසයි .
බද්දෙගම පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක ප්රභාත් දේශබන්දු මහතා ඇතුලු නිලධාරි කණ්ඩායමක් මේ පිළිබදව වැඩිදුර පරීක්ෂණ පවත්වති .
කරන්දෙණ්ය - සුසිල් ප්රියන්ත
