යාපනය චුන්නාගම් පොලිස් වසමේ කන්දරොඩෙයි ප්රදේශයේදී අද (29) අලුයම් කාලයේදී ගෑස් ලිපක් පුපුරා ගොස් ඇතැයි නිවැසියන් පවසයි.
ගෑස් සිලින්ඩරයේ සිට ගෑස් ලිපට සවිකොට ඇති රෙගියුලේටර වයරයද උණුවී ඇති බවටත් හිමිකරු විසින් ගෑස් ලිප පත්තු කොට වෙනත් කාමරයකට ගිය අවස්ථාවේදී මෙලෙස ගෑස් ලිප පුපුරා ගිය බවද නිවැසියන් පවසා සිටියහ.
ගෑස් ලිප පුපුරා යන අවස්තාවේදී කිසිවෙක් සමීපයේ නොසිටීම නිසා හානිය අවම වූ බවටත් ගෑස් ලිප මෙලෙස පුපුරා යාමට නිශ්චිත හේතුවක් නොමැති බවත්ද වයරයද උණු වී තිබීම සැකයක් උපදින බවද නිවැසියන් වැඩිදුරටත් පවසයි.

