යහපාලනය බොරු චෝදනා නගා සිරගත කල සියලු දෙනාට සාධාරණය ඉටුවිය යුතුයි
තම රජය බලයට පත්වී වසරක් ගත වුවද යහපාලන රජය සමයේ දේශපාලන පලිගැනීම් වලට ලක්වූවන්ට තවමත් සාධාරණයක් ඉටුව නැතැයි මහාමාර්ග ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.
ඔහු අවධාරණය කරන්නේ යහපාලන රජය බොරු චෝදනා නගමින් සිරගත කළ සියළු දෙනාට සාධාරණය ඉටුවිය යුතු බවයි.
මාර්ග කිලෝ මීටර් ලක්ෂයක් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය කදාන රිලවුල්ල මාර්ගය ප්‍රතිසංස්කරණ ආරම්භ කිරීමේ අවස්ථාවට අද (29) එක්වෙමින් ඇමතිවරයා මේ බව සදහන් කළේය.
මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වු ඇමතිවරයා ,
නිත්‍යානුකුලව අධිකරණයෙන් ලලිත් වීරතුංග මහතාව නිදහස් කරපුවාම විපක්ෂය ඇගිල්ල දිගු කරන්නේ ආණ්ඩුවට. පිල්ලෙයාන්ට නීත්‍යානුකූලව ඇප දුන්නා කියලා. විපක්ෂය ඇගිල්ල දිගු කරන්නේ ආණ්ඩුවට පිල්ලෙයාන්ට ඇප දුන්නේ උසාවිය යහපාලන කාලේ සමහර විනිශ්චයකරුවන්ට බලපෑම් කලේ කොහොමද කියලා අපි දන්නවා. තුට්ටු දෙකේ දේශපාලනඥයෙක් වන අල්පොන්සෝ රන්ජන් රාමනායකට මේ රටේ විනිශ්ච කාරවරුන්ට හා සෘජුව කථා කිරීමේ අයිතිය යහපාලනය ලබා දීලා තිබුනා. රන්ජන් කීපාරක් ශානිට කථා කරලා තියෙනවාද. බැසිල් ඇමතිතුමාව, මාව, නාමල්ව රිමාන්ඩ් කරන්න බලපෑම් කලා. ගෝඨාභය රාජපක්ෂ මහතාට හා ආණ්ඩුවට මඩ ගැසිමේ කොන්ත්‍රාත්තුව භාර දී තියෙන්නේ රන්ජන් රාමනායක වැනි තුට්ටු දෙකේ මන්ත්‍රීවරුන්ට.
අපේ ආණ්ඩුව කිසිසේත් නීතියට අත වනන්නේ නැහැ. මිනිස්සු රිමාන්ඩ් කරන්ඩ හෝ ඇප දෙන්න බලපෑම් කරන ජනාධිපතිවරයෙක්, අගමැතිවරයෙක් හෝ අණ්ඩුවක් අද රට තුල නෑ. අපි ප්රජාතන්ත්රවාදය ඉහලින්ම ආරක්ෂා කරනවා. නීතියට ස්වාධීනව කටයුතු කරන්න අපි ඉඩදිලා තියෙනවා. ඒක විපක්ෂය අපේ දුර්වලකම් විදිහට සලකන බව පේනවා. එකෙන් ප්‍රයෝජන ගන්න හැදුවා. යහපාලන කාලේ කී දෙනෙක් හිරේ දැම්මද. පැමිණිලි හදලා, සාක්ෂි හදලා අපිව හිරේ දැම්මේ. ශානිලා වගේ පොලීසිය අප කීර්තියට පත් කරපු නිලධාරියෙක් තමයි ශානි. අද විපක්ෂය ශානි වෙනුවෙන් හඩා වැටෙන තරමින්ම තෙරෙනවා. ශානි කොයිතරම් හොදට යහපාලන අවශ්‍යතාවය ඉටු කලාද කියලා. එදා යහපාලනය බොරු චෝදනා කරමින් නඩු හදමින් හිරේ දැමු සියලු දෙනාට සාධාරණය ඉටු විය යුතුයි. අපි ඇවිල්ලා අවුරුද්දක් ගත වෙලත් අපිට යහපාලන කළ දේශපාලන පලිගැනීම් වලට තවමත් සාධාරණය ඉටු වී නෑ. ඒක තමයි තිත්ත ඇත්ත අපිට විරුද්ධව දාපු නඩු තවමත් අධිකරණයේ විභාග වෙනවා. අපි ඒවා මග හරින්නේ නැතිව ඒවාට මුහුණ දෙමින් ඉන්නවා.
popular news
-
rocky Monday, 30 November 2020 04:12 AM
munnahege paththe kawuruwath waradi karanne naha, okkoma bodhisathwayo! arakku perana ekata badu aya kireemath deshapaalana pali ganeemak neda? me wage unnahelaa thamayi, gotaa wath nathi karanne!!
Reply : 0 0
lakshman Monday, 30 November 2020 06:22 AM
ee ayata wandhith gewiya yuthui
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

