අසාත් සාලි වගේ රට තුළ ජාති වදී, ආගම් වාදී , ත්‍රස්තවාදී ප්‍රකාශ ඉදිරිපත් කරන අයට, කවුරුන්ගේ හෝ මූල්‍යමය ශක්තියක් ලැබෙනුඇතැයි රජයට බරපතල සැකයක් ඇති වී තිබෙන බව සමෘද්ධි ගෘහ ආර්ථික ක්ෂ්ද්‍ර මූල්‍ය ස්වයං රැකියා හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පැවසීය.
මාවනැල්ලේ බුදු පිළිම කැඩූ අවස්ථාවේදී සහ වනාතමුල්ලේ ආයුධ ගබඩාවට මෙන්ම පුහුණු කදවුරේ පරික්ෂණ නිවැරිදිව සිදු වුවානම් මේ රටේ සහරාන්ලගේවගේ ප්‍රහාරත් , ප්‍රභාකරන්ලා වගේ කණ්ඩායම් රටේ නිර්මාණය නොවන බව ඇමතිවරයා කීවේය.
අද (19) අනුරාධපුරයේදී පැවති උත්සව අවස්ථාවකට එක් වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය ඇමතිවරයා එසේ ප්‍රකාශ කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය ඇමැති ශෙහාන් සේමසිංහ මහතා,
අසාත් සාලි වෙන්න පුලුවන් වෙනත් කණ්ඩායමක් වෙන්න පුලුවන් මේ රටේ ජාතිවාදය සහ ත්‍රස්තවාදය පැතරවීමට අපේ රටේ පවතින නීතියට අභියෝග කලානම් ඒ අයට නීතිමය වශයෙන් දඩුවම් ලබා දීමක් සිදු කළ යුතුයි. නැත්නම් අතීතයේ මෙන් එල්.ටී.ටී.ඊ ත්රස්තවාදීන්, සහරාන්ලා වගේ කණ්ඩායම් මේ රටේ නැවත බිහිවෙන්න පුලුවන්. ඒ නිසා එවැනි අයට මේ වන විට දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීම පිළිබඳ අපි අගය කරනවා.
මේ අය පිටුපස්සේ ඉන්නේ කවුද.? මේ අයට මේ ශක්තිය ලැබෙන්නේ කාගෙන්ද කියලා හොයන්න ඕනේ. අපට බරපතල සැකයක් තියෙනවා මේ අයට කාගේ හරි මුල්‍යමය වශයෙන් ලැබෙන හයියක් තමයි භාවිතා කරන්නේ කියන එක. පහුගිය ආණ්ඩු කාලයේ මේ පිරිස් එයාලගේ බලය පාවිච්චි කළේ රට විනාශයට ගෙන යාමට වගේම විවිධ අර්බුද වලට මේ රට ගෙන යන්නයි. එදා මාවනැල්ලේ බුදු පිළිම වහන්සේලා කඩද්දි, වනාතමුල්ලේ සිදුවීමේදී ආයුධ ගබඩාව සහ පුහුණු කදවුරේ පරික්ෂණ නිවැරිදිව සිදු වුනා නම් සහරාන්ලගේ වගේ ප්‍රහාරත් , ප්‍රභාකරන්ලා වගේ කණ්ඩායම් රටේ නිර්මාණයවෙන්නේ නෑ. මේ ත්රස්තවාදයට පාර කපන අයට අනිවාර්යෙන්ම දඩුවම් ලබා දිය යුතුයි. ඒ අයට නීතිමය වශයෙන් කටයුතු කරන්න වත්මන් රජය පසුබට වෙන්නේ නැහැ කියලා වගකීමෙන් මා රටේ ජනතාවට ප්‍රකාශ කරනවා.