යහපාලන රජය සමයේදී තමන්ට සුඛෝපභෝගි වාහනයක් ලැබුණ බවට වාර්තා වන සිදුවීම සම්බන්ධයෙන් කඩිනමින් පරීක්ෂණයක් කරන ලෙස අමාත්‍ය මහින්ද අමරවීර මහතා පොලිස්පතිවරයාගෙන් හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා තිබිණ.
ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් විසින් අමාත්‍යවරයාගේ ඉල්ලීම සම්බන්ධව විමර්ශන ආරම්භ කරමින් අදාළ කරුණ පිළිබඳව ප්‍රකාශයක් අමාත්‍යවරයාගෙන් අද (27දා) ප්‍රකාශයක් ලබාගෙන තිබේ.
ෙමාධ්ය තුළ පළ වු පරිදි තමන් කිසිසේත්ම වාහනයක් නොඉල්ලු බවත්, ඒවැනි වාහනයක් තමන්ට නොලැබුනු බවත්, එමනිසා මෙම වාහනය සම්බන්ධව පූර්ණ විමර්ශණයක් කර ඊට සිදු වුයේ කුමක්ද? හා එවැනි වාහනයක් එවකට පැවැති ආණ්ඩුව විසින් මිල දී ගෙන ඇත්නම් එය දැනට භාවිත කරන්නේ කව්ද යන්න සොයා බලන ලෙසය අමාත්‍යවරයා මෙහිදී සඳහන් කර තිබේ.