පසුගිය රජය සමයේ නිවාස හා සංස්කෘතික අමාත්‍යාංශවල විශාල ලෙස දූෂණ සිදුව තිබෙන බවත් දේශපාලන පලිගැනීම් පිළිබඳ කමිටු වාර්තා මගින් පසුගිය යහපාලන රජය සමයේ සිදු වූ දූෂණ හා වංචා පිළිබඳව තොරතුරු රැසක් අනාවරණය කරගෙන තිබෙන බවත් ප්‍රවාහන අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා මහනුවර දී පැවසීය .
ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ මහනුවර ශාඛාව සියලු පහසුකම් සහිතව මහනුවර තරුණ බෞද්ධ සමිති ගොඩනැගිල්ලේ විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් අද (02) අමාත්‍යවරයා එසේ පැවසීය .
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
පසුගිය යහපාලන රජය සමයේ නායකයින් අරලියගහ මන්දිරයට රැස්ව නඩු දමා සිරගත කළ යුත්තේ කවුද යන්න තීරණය කළ ආකාරයට වත්මන් රජය නීතිය අතට ගෙන කටයුතුකරන්නේ නැහැ .
එම දූෂණ වංචා වලට අදාළ වාර්තාව සම්බන්ධ ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සඳහා එය නීතිපතිවරයාට බාරදී තිබෙනවා . විපක්ෂයේ පිරිස් අද වත්මන් ආණ්ඩුවට දුෂණ චෝදනා එල්ල කරන්නට උත්සාහ කළත් දේශපාලන පලිගැනීම් පිළිබඳ කමිටු වාර්තාව මගින් ඔවුන්ගේ දූෂණ සියල්ල හෙලි කර ගෙන තිබෙනවා .
පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිසම පත් කළේ වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නොව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතායි .
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රවාහන වෛද්‍ය මධ්‍යස්ථානයට ගිය අවස්ථාවේ වෛද්‍ය සහතික ලබා ගැනීමට යාමේදී ජනතාව පත්වන අසීරුතාවය දැක එයට කඩිනම් විසඳුම් ලබා දීමට පියවර ගන්නා ලෙස උපදෙස් ලබා දුන්නා .
ඒ අනුව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතාගේ මූලිකත්වයෙන් එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට පියවර ගත්තා. ඒ අනුවයි ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ මහනුවර ශාඛාව පහසුකම් සහිතව විවෘත කිරීමට අද හැකි වූයේ .
ෂේන් සෙනෙවිරත්න