කොවිඩ් වසංගතය අවසන් වූ වහාම සංචාරක කර්මාන්තයේ ස්වර්ණමය යුගයක් උදා කිරීම උදෙසා ක්‍රියාත්මක කෙරෙන වැඩසටහන යටතේ ඉදිකළ යාල වන උද්‍යානයේ නව ගල්ගේ පිවිසුම විවෘත කෙරේ.
මිලියන 6.5 ක වියදමින් ඉදිකළ යාල වනඋද්‍යානයේ ගල්ගේ නව ප්‍රවේශය විවෘත කිරිම අද (30) සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග අතින් සිදු කෙරිණි .
සංචාරක ආකර්ෂණීය ස්ථාන සංවර්ධනය කිරීමේ මෙම වැඩසටහන යටතේ තවත් ප්‍රවේශ කිහිපයක් ඇති කිරීමට නියමිතව තිබේ. මෙමගින් දේශීය සහ විදේශීය සංචාරකයින්ට අවශ්‍ය සියලු පහසුකම් සැලසෙන අතර යාල වනඋද්‍යානයේ මෙතෙක් පිවිසීමට නොහැකි වූ ප්‍රදේශ ආවරණය කරමින් සංචාරය කිරීමට ඔවුන්ට අවස්ථාව උදාවේ.
ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වරයාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්තියට අනුව ක්‍රියාත්මක කෙරෙන වැඩසටහන යටතේ නව සංචාරක ආකර්ෂණීය ස්ථාන හයදහසක් පමණ දැනටමත් හඳුනාගෙන තිබේ.