යල කන්නයට අවශ්‍යය රසායනික පොහොර මෙරටට ආනයනය කර පොහොර ආනයනය කරන සමාගම් වල ගබඩා කර ඇති බව කෘෂිකර්ම අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසිය.
මහින්දානන්ද අලුත්ගමගේ මහතා අද (12දා) දින නාවලපිටිය මහින්දානන්ද පදනම් කාර්යාලයේදි විශේෂ මාධ්‍යය හමුවක් පවත්වමින් ඒ බැව් පැවසිය.
මෙහිදි වැඩි දුරටත් අදහස් දැක් වු අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කියා සිටියේ රසායනික පොහොර ආනයනයට විරෝධය පාමින් ගොවින් පිරිසක් ඊයේ (11දා) දින දිවයිනේ ස්ථානය කිහිපයකම උද්ඝෝෂණ සිදු කර ඇති බවයි.
යල කන්නයට අවශ්‍යය රසායනික පොහොර මෙට්‍රික් ටොන් තුන්ලක්ෂ අසු පන්දහසක් මේ වන විට ගොවිජන සේවා මධ්‍යස්ථාන වෙත යවා ඇති බවත්,රජය මගින් ගොවින්ට සහනාදාර යටතේ රසායනික පොහොර ලබාදිම නිසා කාබනික පොහෙරෙ භාවිතය වෙනුවට ගොවින් 300% ප්‍රමාණයක් රසායනික පොහොර භාවිතා කර ඇති බවද ඔහු පැවැසීය.
මේ රටේ වි ගොවිතැනට අවශ්‍යය රසායනික පොහොර අවශ්‍ය තරම් ඇති බවත්, අනෙකුත් බෝග සදහා රසායනික පොහොර හිගයක් පැවතියද එම හිගයද පියවිමට රජය කටයුතු කරන නිසා ඒ සදහා අනිසි බියක් ගොවින් ඇති නොකරගත යුතු බව ඔහු පැවැසීය.