මෙවර යල කන්නයේ වී මෙට්‍රික්ටොන් 1,500,000 ක පමණ සම්මත වී අස්වැන්නක් ලැබිය හැකි බවට ඇස්තමේන්තු කර තිබේ. මෙවර යල කන්නයේ වී අස්වැන්න මිලදී ගැනීමට සැලසුම් කර තිබෙන්නේ වී අලෙවි මණ්ඩලය හරහායි.
ඒ අනුව නාඩු වී කිලෝවක් රුපියල් 50කට,සම්බා වී කිලෝවක් රුපියල් 52කට,කීරි සම්බා වී කිලෝවක් රුපියල් 55ක් වශයෙන් සහතික මිල ගණන් යටතේ ගොවීන්ගෙන් වී මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.