යුරෝපා සංගමයට අයත් රටවල් වෙත යැවෙන තැපැල් භාණ්ඩ සම්බන්ධ සංශෝධිත බදු ප්රතිපත්තිය අද (01) සිට ක්රියාත්මක වන බව තැපැල්පති රංජිත් ආරියරත්න සඳහන් කර සිටියි.
ඒ අනුව යුරෝපා සංගමයට අයත් රටවල් 26 සඳහා යොමු කරන ලිපි හැර සියලු තැපැල් භාණ්ඩ සඳහා නව බදු ප්රතිපත්ති අදාළ වන බව ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේය.