සංචරණ සීමා ඉවත් කිරීමෙන් පසු යම් කොන්දේසිවලට යටත්ව පොදු ප්‍රවාහනය පත්වාගෙන යාම සඳහා අවසර ලබා දෙන බව දැනුම් දී ඇති බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පවසා සිටියි.
සෞඛ්‍ය ආරක්ෂිතව මගීන් ප්‍රවාහනය වන ආකාරය සම්බන්ධයෙන් වන යෝජනා ඉදිරිපත් කරන දැනුම් දී ඇති බවත් අනිවාර්යෙන්ම ආසන සංඛ්‍යාවට මගීන් ප්‍රවාහනය කිරීමට සිදු වනු ඇති බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර සිටියේය.
සංචරණ සීමා ඉවත් කිරීමෙන් පසු අන්තර් පළාත් පුද්ගලික බස්රථ ධාවනයට එක්කිරීමට හැකි වනපරිදි ඔවුන්ට රුපියල් ලක්ෂ 2කට අධික වූ සහනාධාරයක් ලබාදීමට පුද්ගලික බස්රථ සංගම් සමග සාකච්ඡා කර එකඟතාවයට පැමිණි බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.