ඉන්දියාවේ උත්තර් ප්‍රදේශයේ කොවිඩ් ආසාදන වේගයෙන් ඉහළ යාමේ තත්ත්වයක් තුළ හමිර්පූර් දිස්ත්‍රික්කයේ දී යමුනා ගඟේ පාවෙන සිරුරු ප්‍ර දේශවාසීන් විසින් සෙයාගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
මෙම මළ සිරුරු මාරාන්තික කොවිඩ් වෛරසය ආසාදනය වී මිය යන්නට ඇති අය බවට ප්‍ර දේශවාසීන් සැක පළ කරයි.
ඉන්දියාවේ මේ වන විට කොවිඩ් මරණ සීඝ්රයෙන් ඉහළ යෑමක් සිදුවන අතර එම සිරුරු ආදාහනය කිරීමේ ගැටලුවකට පවා ඉන්දියාව මුහුණ දී තිබේ.
ආදාහනය කිරීමට අවස්ථාවක් නොමැති සිරුරු මෙසේ යමුනා ගඟට දමා ඇති බවට ප්‍ර දේශවාසීන් විශ්වාස කරයි.
ඉන්දියා ටුඩේ පුවත් සේවය වාර්තා උපුටා දක්වමින් පවසන්නේ මරණ ධාරිතාවය ඉක්මවා වාර්තා වීම හේතුවෙන් පළාත් පාලන ආයතන විසින් ඒවා ගඟට දමා ඇති බවයි.
උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ එක් දිස්ත්‍රික්කයක කොවිඩ් ආසාදිතව මිය යන පුදගලයන් ගංගා ඉවුරේ ස්ථාන වල ආදාහනය කරන සිදුවීමක්ද වාර්තා වී තිබේ.
හාමීර්පූර් සහ කාන්පූර් දිස්ත්‍රික්ක පුරා ග්‍රාමීය ප්‍රදේශවලින් කොවිඩ් මරණ වාර්තා වන බව ප්‍රදේශවාසීහු පැවසූහ.
හමීර්පූර් හි සහකාර පොලිස් අධිකාරී අනූප් කුමාර් සිං මහතා පැවසුවේ යමුනා ගඟ ගලා යන්නේ හාමිර්පූර් සහ කාන්පූර් අතර මායිමකින් බවත් ප්‍රදේශවාසීන් ගඟ පූජනීයත්වයෙන් සලකන බවයි. අතීතයේදී මිය ගිය පුද්ගලයන්ගේ සිරුරු ගඟට දැමීවේ චාරිත්‍රයක්ද තිබී ඇතැයි ඔහු සඳහන් කරයි.
මේ අතර බිහාර් ප්රාන්තයෙන්ද මෙවැනි සිදුවීමක් වාර්තා වී ඇති අතර භාර නොගත් මළ සිරුරු ගඟට දමා පාකර හැරීමට කටයුතු කර තිබූ බවට තොරතුරු වාර්තා වී තිබේ.
VIDEO