යාපනයටමි. මී. 150 ට වැඩි ඉතා තද වැසි ඇතිවේ. උතුරු පළාතේ බෝහෝ ප්රදේශවලටද මි. මී. 100 ට වැඩි තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි. අනුරාධපුර සහ පුත්තලම දිස්ත්රීක්කවලටද වැසි වාර කිහිපයක් ඇතිවේ. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී.
මෙයට හේතු ලෙස සදහන් වන්නේ මධ්‍යම බෙංගාල බොක්ක ප්‍රෙද්ශයේ පවතින ‘ගජ’ සුළි කුනාටුවයි. එය අද දින උදෑසන 05.30 වන විට කන්කසන්තුරය සිට ඊසාන දෙසින් උතුරු සහ නැෙගනහිරට ස්ථානගතව පැවැති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එම බලපෑම හේතුවෙන් හෙට දින සවස් කාලයේ සිට උතුරු පළාතේ සුළගේ වේගය සහ වැසි තත්වයේ වැඩිවීමක් අපේක්ෂා කෙරේ. උතුරු පළාතේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.
කෂිනි හපුආරච්චි