යාපනය විශ්වවිද්‍යාලයේ ඉදිකර තිබූ යුද සැමරුම් ස්මාරකය ඉවත් කිරීම සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවේ ජ්‍යෙෂ්ඨ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පැහැදිලි කිරීමක් සිදු කොට ඇත.
එහිදී අදාල පැහැදිලි කිරීමට අනුව මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පැහැදිලි කොට ඇත්තේ,
‘යාපනය විශ්වවිද්‍යාලයේ 2018 ආසන්න වසරකදී යුද්ධය පාදක කරගෙන විශ්වවිද්‍යාලයේ කණ්ඩායම් විසින් යම්කිසි ස්මාරකයක් විශ්වවිද්‍යාලය තුල ගොඩනැගීමට උත්සාහ කරනු ලැබුවා. එත් එක්කම ඒ ස්මාරකය කලින් කලට දියුණු කරමින් පැමිණ ආ බවක් දමයි දැනගැනීමට තිබෙන්නේ. නමුත් ඇත්ත වශයෙන්ම කියනවානම් එය උතුර හා දකුණ සමගියට බාධාවක් විය හැකියි. යාපනය විශ්වවිද්‍යාලයේ උපකුලපතිතුමා මහාචාර්ය ශ්‍රී ස්ද්ගුණරාජා මහතා අද ලංකාවේ සිටින අතිවිශිෂ්ඨ විද්‍යාඥයෙක් ඒත් එක්කම අතිශය දක්ෂ පරිපාලකයෙක්.මෑත කාලයේ මාදුටු දක්ෂතම උපකුලපතිවරයෙක්. ඒ නිසා එතුමා තීරණයකට එලඹෙනවා. ඒ ස්මාරකය අද දවසට හෙට දවසට නොගැලපෙන නිසා එය යාපනය විශ්ව විද්‍යාලයෙන් ඉවත් කිරීමට.
දැනට විශ්වවිද්‍යාල පද්ධතියේ අධ්‍යාපනය හදාරන දරුවො යුද්ධය අවසාන කරන අදියරේදී වයස අවුරුදු 09, 10, 11 වැනි වයස්වල සිටි අපේ දරුවෝ. දෙමළ, සිංහල හෝ මුස්ලිම් කුමන ජාතියකට හෝ ආගමකට අයත් වුවත් ශ්‍රීලාංකික අපේ දරුවෝ. ඒ නිසා අද කියන්න සතුටුයි යාපනය විශ්වවිද්‍යාලයේ සිංහල දරුවන් 1500 ක් පමණ අධ්‍යාපනය හදාරනවා ඒත් එක්කම දකුණේ විශ්වවිද්‍යාලවල සෑම විශ්වවිද්‍යාලයකම අවම වශයෙන් 600 ක් 700 ක් දමිළ දරුවන්. විශේෂයෙන්ම උතුරු නැගෙනහිර ප්‍රදේශවලින් පැමිණෙන දමිළ දරුවන් අධ්‍යාපනය හදාරනවා. අපට තිබෙන වැදගත්ම දේ තමයි මේ දරුවන් අතර ප්‍රශ්න නැහැ.
ඒ නිසා අපිට පෙර තිබුණු ඒ අත්දැකීම් ඉදිරියේදී දකින්නට නොලැබෙයි කියන එකට අපිට ඇති එකම සාධකය තමයි මේ දරුවන් අතර තිබෙන සමගිය සමාදානය. ඔවුන් ඉන්නේ සාමාන්‍ය පොදු නේවාසිකාගාරවල ඔවුන් සහභාගී වන්නේ පොදු දේශන සඳහා. ඔවුන්ගේ ක්‍රීඩා කටයුතු වැනි සියල්ලක්ම සිදුවන්නේ පොදුවේ මේ දක්වා කිසිම ගැටලුවක් මේ විශ්වවිද්‍යාල තුල සිදු නොවීමට වගබලාගෙන තිබීම සම්බන්ධයෙන් අපි රටක් ජාතියක් වශයෙන් ඇත්තෙන්ම වාසනාවන්තයි. යාපනය විශ්වවිද්‍යාලයේ උපකුලපතිතුමා තීරණයක් ගෙන මෙම ස්මාරකය යාපනය විශ්වවිද්‍යාලයෙන් ඊයේ රාත්‍රියේ ඉවත් කරනවා මා සිතන පරිදි එය ඉතාමත්ම කාලෝචිතයි. අපට අවශ්‍ය වන්නේ යුද්ධයේ ස්මාරක නොව සාමයේ ස්මාරකයි. ඒ වෙනුවෙන් අවශ්‍ය කටයුතු අප අපේ දරුවන් සිදුකල යුතුයි යනුවෙනි.