යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් විසින් සිදු කරන නීති විරෝධී එල්.ටී.ටී.ඊ. මහවිරු සැමරුම් තහනම් කරන ලෙසට යාපනය කෝපායි පොලීසියෙන් යාපනය මහෙස්ත්‍රාත් අධිකරණයෙන් තහනම් නියෝගයක් ඊයේ දින ඉල්ලා ඇත.
නොවැම්බර් 27 වැනිදාට යෙදී ඇති මහවිරු දිනය උතුරේ වෙනත් ප්‍රදේශයන්හි සාමාන්‍ය අයුරින් සිහිපත් කලද යාපනය විශ්වවිද්‍යාලයේ සිදු කෙරෙන මහවිරු සැමරුම් වෙනුවෙන් සෑම වසරකට එල්.ටී.ටී.ඊ සංවිධානයේ ධජය හා කොටි නායක ප්රභාකරන්ගේ ඡායාරූප හෝ ඊලාම් සිතියම යොදාගනිමින් නීති විරෝධීව එල්.ටී.ටී.ඊ. සංවිධානයද ප්‍රවර්ධනය කරමින් සැමරීම් සිදු කරන බැවින් එම කටයුතු තහනම් කරන ලෙසට කෝපායි පොලීසිය විසින් තහනම් නියෝගයක් ඉල්ලා ඇත.
කෙසේ වෙතත් ඊයේ දින අදාල නඩුව විභාගයට ගත් යාපනය මහේස්ත්‍රාත් එස්.සදීස්කරන් මහතා විසින් එහි අවසන් නියෝගය හෙට දිනයේදී ලබා දෙන බවටත් එදිනට අදාල තහනම ලබා දීමටනම් අවශ්‍ය හේතු හා වාර්ථා විධිමත්ව අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට කෝපායි පොලීසිට දැනුම් දෙනු ලැබීය.
මධුශංඛ අමරසිංහ