යාපනය නාවන්තුරෙයි ආසාත් මාර්ගය පහේ මන්සන්ධිය ආසන්නයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී තෙමහල් නිවසක පොළව අභ්‍යන්තරයේ සකසා තිබූ භූගත බංකරයක් බවට සැකකළ හැකි ස්ථානයක් අද (28) සොයා ගත් බව යාපනය පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි.
පොලීසිය පොලිස් විශේෂ කාර්ය බලකාය හා යුද හමුදාව ඒකාබද්ධව මෙම සෝදිසි මෙහෙයුම දියත් කොට ඇති අතර එහිදී අදාළ තෙමහල් නිවසේ සිටි එක් අයෙකු අත්අඩංගුවට ගෙන ඇත.
නිවස ඇතුළත රහසිගත අන්දමින් මෙම භූගත බංකරය සකසා ඇති අතර එහි දිග මීටර 25 වන අතර උස අඩි අටක් පමණ සහ පළල අඩි පහක් පමණ වන ලෙස සකසා තිබූ බව පොලිස් විශේෂ කාර්ය බළකාය සඳහන් කළේය.
ආරක්ෂිත දොරක් යොදා මෙම භූගත බංකරය වසා තිබූ අතර එයට ඇතුළුවීම සඳහා පඩිපෙලක්ද සකසා තිබිණි.
මෙය විදුලිය බලය ලබාදී ආරක්ෂිත ලෙස සකස් කර තිබූ අතර භූගත බංකරය සහිත තෙමහල් නිවසෙහි හිමිකරු කොළඹ ප්‍රදේශයේ රෙදිපිළි ව්‍යාපාරිකයකු බවත් ඔවුන් මේ දිනවල නිවාසයෙන් පිටව ගොස් ඇති බවත්ය.
වසර දෙකකට පමණ ඉහතදී මෙම නිවස භූගත බංකරයක්ද සමඟ ඉදිකර ඇති අතර අදාළ භූගත බංකරය ඉදිකිරීම පිළිබඳ පුළුල් පරික්ෂණයක් ආරම්භ කොට ඇති බවටද පරික්ෂණ සිදු කරන යාපනය පොලීසිය සහ යාපනය පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි.