දිවුලපිටියේ ඇඟලුම් ආයතනයේ සේවය කල තවත් පිරිසකට කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් එම ආයතනයේ සේවය කල යාපනයේ කාන්තාවන් දෙදෙනෙකු හා ඔවුන්ගේ පවුල්වල පිරිස් පී.සී.ආර්. පරික්ෂණයට යොමු කල බවට යාපනය ශික්ෂණ රෝහලේ වෛද්‍ය ටී.සත්‍යමූර්ති මහතා පවසා සිටියේය.
යාපනය පුන්කුඩතිව් ප්‍රදේශයේ කාන්තාවන් දෙදෙනෙකු අදාල ඇඟලුම් ආයතනයේ සේවය කොට නිවෙස් වෙතට පැමිණ ඇති බවට අනාවරනය වීමෙන් අනතුරුව ඊයේ සහ අද (05) දිනයන්හි අදාල කාන්තාවන් දෙදෙනා හා ඔවුන්ගේ පවුල් දෙකෙහි පුද්ගලයින් 20කට ආසන්න පිරිසක් පී.සී.ආර් පරික්ෂණයට යොමු කොට ඇති බවට වෛද්‍ය ටී.සත්‍යමූර්ති මහතා පවසා සිටියේය.
එමෙන්ම අදාල පවුල් දෙකේ පිරිස් සමීපව ආශ්‍රය කරන ලද පුද්ගලයින් 100 කට ආසන්න පිරිසක් ඔවුන්ගේ නිවෙස්වලම ස්වයං නිරෝධායනය වීමට අවශ්‍ය උපදෙස් මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් විසින් ලබාදී ඇති අතරම එම පුද්ගලයින්ට කිසියම් ශාරීරික අපහසුතාවයක් හෝ අසනීප තත්වයන් පෙන්නූම් කරන්නේනම් ලඟම ඇති පොලීසියට හෝ සෞඛ්‍ය පරික්ෂක කාර්යාල වෙතට දැනුම් දෙන ලෙසටද දැනුවත් කොට ඇත.