යාපනය දිස්ත්‍රීක්කයේ කොරෝණා ව්‍යාප්තිය යම් තරමකට පාලනය වීම හේතුවෙන් වසාදැමුනු යාපනය පොළ ඇතුලු පොදු වෙළඳ සංකීරණය සහ මධ්‍යම බස්නැවතුම්පල අද (08) සිට යලි විවෘත කල බවට යාපනය මහජන සෞඛ්‍ය පරික්ෂක කාර්යාලය පවසයි.
පසුගිය මාර්තු 24 වනදා සිට යාපනය නගරයේ නගර මධ්‍ය වසා දැමීමට හේතු වූවේ යාපනය මහනගරාධිපති විශ්වලිංගම් මණිවන්නන් මහතා ඇතුලු යාපනය පොළේ වෙළෙන්ඳන් සහ වෙළඳ සංකීරණයේ වෙළෙන්ඳන් 300 කට ආසන්න පිරිසකට දින කිහිපයක් තුලදී කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙනි.
කෙසේ වෙතත් මේ වන විට යාපනය පොදු වෙළඳ සංකීරණයේ කොරෝනා ආසාදිත සහ ආසාදිතයින් සමීපව ඇසුරු කරන ලද වෙනේඳන් සිටින වෙළෙඳසැල් 70 ක් පමණ වසා දමා අනෙක් සියලු වෙළඳසැල් අද (08) සිට විවෘත කිරීමට සෞඛ්‍ය නිලධාරීන් පියවර ගෙන ඇත.
එමෙන්ම යාපනය මධ්‍යම බස්නැවතුම්පලද සාමාන්‍ය පරිදි විවෘතව තැබීමට යාපනය ලංගම ඩිපෝ පාලනාධිකාරිය විසින් පියවර ගෙන ඇති අතර මගීන්ට සෞඛ්‍ය ආරක්ෂිතව ගමනාගමන කටයුතු වල නිරත වන ලෙසටද දැනුම් දී ඇත.
මේ අතර යාපනය පොදු වෙළඳ සංකීරණයේ වෙළෙන්ඳන්ටද පූර්ණ සෞඛ්යාරක්ෂිත පියවර අනුගමනය කරමින් වෙළඳාම් කටයුතු සිදුකරන ලෙසටද යාපනය සෞඛය නිලධාරීන් වැසින් වැඩිදුරටත් දැනුවත් කොට ඇත.