අත්අඩංගුවට පත් වූ යාපනය මහනගරාධිපති විශ්වලිංගම් මණිවන්නන් මහතා යාපනය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කොට ඇප ලැබීමෙන් පසුව මාධ්‍යට අදහස් දක්වමින් පවසා සිටියේ මහනගරසභාවේ ස්වාධීන ක්‍රියාකලාපයට බලපෑම් කල සියලුම පුද්ගලයින්ට එරෙහිව උපරිමයෙන් කටයුතු කරන බවටය.
යාපනය මහනගරාධිපතිවරයා යාපන මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව 09 දා රාත්‍රියේ රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇපයක් මත මුදාහැරුනු අතර නඩුව නැවත් ජුනි මස 26 වනදා කැඳවීමට යාපනය මහෙස්ත්‍රාත් අධිකරණය විසින් නියෝග කොට සිටියේය.
යාපනය නගර ආරක්ෂක බලකායක් ලෙසින් පුද්ගලයින් පස් දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් නිර්මාණය කොට ඔවුන් වෙනුවෙන් වෙනම නිලඇඳුමක්ද හඳුන්වා දී තිබූ අතර අදාල නිලඇඳුම එල්.ටී.ටී.ඊ. සංවිධානයේ පොලිස් සාමාජිකයින් විසින් පැළඳී නිලඇඳමට බෙහෙවින් සමාන වීම හේතුවෙන් ඇති වූ තත්වයක් හේතුවෙන් යාපනය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන වව්නියාව ත්‍රස්ත විමර්ශන ඒකකයට රැගෙනවිත් ප්‍රශ්න කොට යාපනය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබුණි.
අධිකරණයෙන් ඇපමත මුදාහැරුනු යාපනය මහනගරාධිපති මාද්‍ය වෙත අදහස් දක්වමින් පවසා සිටියේ ,
‘මේක යාපනය මහනගරසභාවේ වැඩකටයුතු වලට පොලීසිය එරෙහි වූ අසුභ දවසක් මහනගර සභාවේ ස්වාධීන කටයුතුවලට අතගහන්න පොලීසියට අයිතියක් නැහැ මේ සම්බන්ධයෙන් අවශ්‍ය හැමතැනකටම ගොස් නීතිමය පියවර ගන්න මම සූදානම් වෙනවා. මම යාපනය නගරය පිරිසිදුව තියාගන්න ගත්තු තීන්දුව වැරදිද ඒවගේම මම මේ නගරය පිරිසිදුව තියාගන්න ඕන කියල හිතපු එක ත්‍රස්තවාදය කියලද මේ රටේ නීතිය තියෙන්නේ කියලයි මට අහන්න තියෙන්නේ.
මහනගරාදිපතිවරයා වෙනුවෙන් අධිකරණයේදී නීතිඥයෙකු ලෙසින් පෙනී සිටි ටී.එන්.ඒ. පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් පවසා සිටියේ,
“මණිවන්නන් මහත්තයටඅපරාධ නීතිය යටතේ තමයි නඩු පවරල තියෙන්නේ සාමාන්‍යෙයන් පිරිමි අය අඳින්නේ නිල්පාට නිල ඇඳුම් කාකිපාටක් ඇන්ඳනම් ආරක්ෂක අංශ චෝදනා කරනවා. කොළඹ මහනගරසභාවේ අයත් මේ වගේ ඇඳුම් ඇඳන් සල්ලි එකතු කරනවා කොළඹ මහනගරසභාවට එහෙම පුලුවන්නම් යාපනය මහනගරසභාවට ඇයි බැරි කොළමට එක නීතියක් යාපනයට තවත් නීතියක්ද. එකම රටක් එකම නීතියක් කියල හරයින්නැහැ ඒක ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරල පෙන්නන්න ඕන.”