එල්.ටී.ටී.ඊ. පොලීසිය භාවිත කළ ඇඳුමට සමාන ඇඳුමකින් පුද්ගලයන් පස් දෙනෙකු යාපනයේ රාජකාරී යෙදවීමේ සිදුවීමට සම්බන්ධව යාපනය නගරාධිපතිවරයා පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු ත්‍රස්ත ක්‍රියා විමර්ශන කොට්ඨාසයට භාරදීමට නියමිතව තිබේ.
“පසුගිය දිනක යාපනය නගරයට ආසන්න ප්‍රදේශයක පුද්ගලයන් 5ක් යම් කාර්යයක නිරතව තිබුණා. ඔවුන් මෙම කාර්යය කළේ නිල ඇඳුමකින්.
මේ පිළිබඳව විමර්ශනය කිරීමේදී අණාවරණය වූයේ ඔවුන් රාජකාරියේ යොදවා තිබුණේ යාපනය මහ නගර සභාවෙන් බවයි.
එසේම ඔවුන්ට ලබාදී නිල ඇඳුම එල්.ටී.ටී.ඊ. ත්රස්තවාදීන් විසින් යුද සමයේදී එල්.ටී.ටී.ඊ. පොලීසිය ලෙසින් හදුන්වා දී පුද්ගලයන්ට ලබාදී තිබූ නිල ඇඳුමට සමානයි.
මේ පිළිබඳව මහජන ආරක්ෂාව පිළිබඳව අමාත්‍ය ආචාර්ය සරත් වීරසේකර මහතාගේ උපදෙස් පරිදි විශේෂ විමර්ශනයක් ත්‍රස්ත ක්‍රියා කොට්ඨාසය හා යාපනය පොලීසිය මගින් ආරම්භ කරනු ලැබුවා.
එසේ ආරම්භ කිරීමෙන් අනතුරුව යාපනය මහ නගර සභාවේ කොමසාරිස්වරයා ඇතුළු සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශ සටහන් කරනු ලැබුවා.
එහිදී අණාවරණය වූයේ මෙම පුද්ගලයන්ට නිල ඇඳුමක් ලබාදී සේවයේ යොදවා තිබුණේ යාපනය නගරාධිපතිවරයා විසින් බවයි.
මේ පිළිබඳව තවදුරටත් පරීක්ෂණ කිරීමෙන් අනතුරුව විශ්වලිංගම් මනිවන්නම් නැමැති 37 හැවැරිදි පුද්ගලයෙක් අද අලුයම් කාලයේදී යාපනය පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.
මෙසේ අත්අඩංගුවට ගත් සැකකරු ත්‍රස්ත ක්‍රියා කොට්ඨාසය වෙත භාරදීමට නියමිතව තිබෙනවා.”