යාපනය කොලොම්බුතුරෙයි ප්රදේශයේ තරුණයින් රැස්ව සිටි ස්ථානයකට ඊයේ (09) රාත්රියේ තියුණු ආයුධ සමග පැමිණි පිරිසක් විසින් පහරදීම හේතුවෙන් තිදෙනෙකු තුවාල ලබා රෝහල්ගත කොට ඇති බවට යාපනය පොලීසිය පවසයි.
කොලොම්බුතුරෙයි මංසන්ධියේ අදාළ තරුණයින් පිරිස රැස්ව සිටි අවස්ථාවේදී ඊයේ රාත්රියේ කඩු ඇතුළු තියුණු ආයුධ සහිතව පැමිණි පිරිසක් විසින් මෙම පහරදීම සිදු කොට පළා ගොස් ඇති අතර අදාළ පහරදීමෙන් තරුණයින් තිදෙනෙකු කැපුම් තුවාල සහිත රෝහල්ගත කොට ඇත.
මෙම පහරදීම සිදුකරන ලද පුද්ගලයින් කවුරුන්දැයි යන්න මෙතෙක් හඳුනාගෙන නොමැති අතර යාපනයේ ක්රියාත්මක යැයි පැවසෙන කල්ලියක පහරදීමක් හෝ පෞද්ගලික ආරවුලක් මත සිදුවූවක්දැයි යන්න පිළිබඳව සෙවීමට යාපනය පොලීසිය වැඩිදුර පරික්ෂණ සිදු කරයි.