යාපනයේ ගොවියෝ රටේම අර්තාපල් අල මිල රතුළූණු වල මිල විශාල වශයෙන් පහළ දැමීමට සමත් ව ඇතැයි දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන වෙළෙන්දෝ කියති.
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට මේ දිනවල අලුයම් කාලය වන විට යාපනය අර්ධද්වීපයේ වගාකර ඇති අර්තාපල් අල රතුලූනු තොග විශාල වශයෙන් වෙළඳපළට ලැබෙන බව ව්‍යාපාරිකයෝ පෙන්වා දෙති.
ඒ අනුව රුපියල් එකසිය විස්සක් පමණ ඉහළ මිලකට අලෙවි වු දේශීය හා විදේශීය අර්තාපල් අල කිලෝවක තොග මිල රුපියල් 75ත් 80ත් අතර පහත වැටීම සිදුව ඇති අතර රුපියල් 500ක් 600ක් අතර ඉහළ මිල ගණන් යටතේ අලෙවි වූ රතු ලූනු කිලෝව රුපියල් 230 ත් 250 ත් අතර පහත දැමීමට යාපනයේ ගොවියෝ සමත්ව ඇත. .
තවදුරටත් මෙම අර්තාපල් සහ රතුලූණු මිල පහත වැටෙන බව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන වෙළෙන්දෝ පවසති.
යාපනය අර්ධද්වීපයේ මෙවර ලැබී ඇති අර්තාපල් අස්වැන්න වැඩි වී තිබෙන බවත් වීදේශීය රටවලින් අර්තාපල් අල ගෙන්වීම ප්‍රමාද කළ හොත් දේශීය අර්තාපල් සඳහා මිලක් හැදෙන බව ව්‍යාපාරිකයෝ පෙන්වා දෙති.