යාපනයේ ක්‍රියාත්මක වී ඇති ආවා ඇතුළු කල්ලි මැඩපැවත්වීමට දින දෙකක කාලයක් යුද හමුදාවට ප්‍රමාණවත් බවත්, ආවා කල්ලි මැඩපැවත්වීමට තමන්ට අවසරය ලැබෙනතුරු බලා සිටින බවත් යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් දර්ශන හෙට්ටිආරච්චි මහතා කියා සිටියේය.
ආඥාපතිවරයා මේ බව කියා සිටියෙ ඊයේ (20දා) පලාලි ආරක්ෂක සේනා මූලස්ථානයේදී පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී මාධ්‍යෙව්දීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා, “ඇත්තටම අපිට මේක දවස් දෙකෙන් නතර කරන්න පුළුවන්. ඒ ගැන කතාවක් නැහැ. නමුත් අපිට පොලිස් බලතල නැහැ. මේ ආවා කල්ලි සම්බන්ධයෙන් කටයුතු කරන්න පුළුවන් පොලීසියට පමණයි. නමුත් අපි මේ මේ ගැන රජය දැනුවත් කරල තියෙන්නේ.
ඉදිරියට මේ තත්ත්වය දිගටම තිබුණොත් පොලීසියට අමතරව යුද හමුදාවත් මේක මැඩපවත්වන්න සම්බන්ධ වෙනවා කියල ආරක්ෂක කවුන්සිලය ඇතුළු ජනාධිපතිතුමන් දක්වා අපි දැනුවන් කරල තියෙන්නේ. නමුත් අපිට මේ පිළිබඳව තාම උපදෙස් ලැබිල නැහැ. මොකද යුද හමුදාව සිවිල් ජනතාව අතරට ගිහින් ගැටෙන්න ගත්තහම, තැනින් තැන ජනතාව පරීක්ෂා කරන්න ගත්තහම වෙනත් කට්ටියක් කියයි යුද හමුදාව සිවිල් ජනතාවට හිරිහැර කරනවා කියල.
ඒ නිසයි අපිට තාම උපදෙස් ලැබිල නැත්තේ. නමුත් අපිට නුදුරේම මේකට සම්බන්ධ වෙන්න ඉඩකඩ තියනවා. අපි ඒක තේරුම් අරන් තියෙන්නේ. ඒ වගේම නීතියෙත් පොඩි අඩුපාඩුකම් වගයක් තියෙනවා. මොකද මේ කල්ලි සාමාජිකයන් අත්අඩංගුවට පත් වුණත් සුමානෙන් දෙකෙන් ආපසු එළියට එනවා. ඒ නිසයි මේක තවමත් තියෙන්නේ කියල හිතෙනවා. මේ කරුණුවලින් රටේ ජාතික ආරක්ෂාවට කිසිදු තර්ජනයක් වෙලා නැහැ කියලත් මම කියනවා.”