යාපනය පලාලි ගුවන්තොටුපල හරහා යාපනය දිස්ත්‍රික්කයට විදෙස්ගතව සිට පැමිණි අයගෙන් කොරෝනා වයිරසය හේතුවෙන් ආරක්ෂාකාරී වන ලෙසට යාපනයේ ජනතාවට යාපනය රෝහල් වෛද්‍ය සංගමය විසින් අනතුරු අඟවා ඇත.
යාපනය රෝහල රජයේ වෛද්‍ය සංගම් නියෝජිතයින් පිරිසක් විසින් ඊයේ (18) දින යාපනය මාධ්‍ය සමාජයේදී මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා මේ බව පවසා සිටියේය.
එහිදී යාපනය රජයේ වෛද්‍ය සංගමය වැඩි දුරටත් පවසා සිටියේ ,
‘යාපනය පලාලි ගුවන්තොටුපල විවෘතව තැබුණු අවසන් දින කිහිපයේදී විදෙස්ගතව සිට පුද්ගලයින් 60 දෙනෙකු පමණ යාපනයට පැමිණ ඇති බවටත් ඉන් 14 දෙනෙකු පමණ පදිංචි ස්ථාන හඳුනාගෙන ඔවුන්ට කොරෝනා වයිරසය ආසාදනය වී ඇත්දැයි පරික්ෂා කිරීමට පියවර ගෙන ඇති හෙයින් එවැනි පිරිස් සිටින ප්‍රදේශ හා පුද්ගලයින් සමග සිටිමේදී ආරක්ෂා වන ලෙස ඉල්ලා සිටියේය.
එමෙන්ම කොරෝනා වයිරස් අවදානම හේතුවෙන් යාපනය ජනතාව පිළිපැදිය යුතු ආරක්ෂිත පියවර කිහිපයක් මෙන්ම නාදුනන විදෙස් ජාතිකයින් හෝ විදෙස්ගතව සිට පැමිණ නිරෝධායනය නොවූ පිරිස් ඇත්නම් ළඟම පිහිටි පොලිස් ස්ථානයන්ට හා සෞඛ්‍ය නිලධාරී කාර්යාල වෙතට දැනුම් දෙන ලෙසටත් ඉදිරි දින 14 ක පමණ කාලය තුළදී ගමන් බිමන් වලින් වැලකී හැකිතරම් නිවෙස් තුළට වී සිටිම වැනි ආරක්ෂිත පියවරයන් කිහිපයක්ද මාධ්‍ය සාකච්ඡාවට එක්වූ යාපනය වෛද්‍ය සංගමය විසින් වැඩිදුරටත් පෙන්වා දෙනු ලැබීය.