අාණ්ඩුව ඉන්ධන මිල හා දූෂණ, වංචා ගැන කථා කිරීමේදී 'රාජපක්ෂ මිම්ම' අත්හැරිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් ද සොයිසා මහතා පැවසීය.
රාජපක්ෂ ආණ්ඩුව පැවැති කාලසීමාවට වඩා වංචා, දූෂණ හා ඉන්ධන මිල ඉහළ ගොස් තිබෙන බවද ඒ මහතා පවසා සිටියේය.
මහින්ද රාජපක්ෂ පාලනය අවසානයේ ලෝක වෙළෙඳ පොළේ තෙල් බැරලයක් ඩොලර් 105ක් වන විට පෙට්‍රල් ලීටරයක් රුපියල් 150කට ලබාදුන් බවත්, අද වන විට ලෝක වෙළෙඳ පොළේ තෙල් බැරලයක් ඩොලර් 80ක් වන විට පෙට්‍රල් ලීටරයක් රුපියල් 155ක් වී තිබෙන බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.
වත්මන් ආණ්ඩුවේ අවසන් කාලය ළඟා වී තිබෙන බැවින් 'යන යකා කොරහත් බිඳගෙන යන' ආකාරයට මැති ඇමතිවරුන් දූෂණ, වංචාවලින් කෝටි, ප්‍රොකෝටි ගණනින් මුදල් උපයමින් සිටින බවත්, කුමන උත්සාහයන් ගත්තද, වත්මන් ආණ්ඩුවට රට පාලනය කිරීමට තවත් ඉතුරු ඇත්තේ මාස 11ක් පමණක් බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.
බොරැල්ල ඇන්.ඇම්. පෙරෙරා කේන්ද්‍රයේ පැවැති මාධ්‍ය හමුවකදී හෙතෙම මේ බව පවසා සිටියේය.