Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 දෙසැම්බර් මස 15 වන ඉරිදා
2024 දෙසැම්බර් මස 15 වන ඉරිදා
යුද්ධයේ අවසන් සති දෙකේදී හිටපු ජනපති, අගමැති, ආරක්ෂක ලේකම්වරයා මෙන්ම හමුදාපතිවරයා රටේ නොසිටිය බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය.
ඒ සඳහා හේතුව වි තිබුණේ එල්.ටී.ටී.ඊ. ය කොළඹට ප්‍රහාරයක් එල්ල කිරීමේ සූදානමක් පිළිබඳව තොරතුරු වාර්තා වීම බවත් ඔහු පැවැසීය.
ඇමෙරිකාවේ නිව්යෝක් නුවරදී ශ්‍රී ලාංකිකයන් හමුවෙමින් ඔහු මේ බව හෙළි කළේය.
යුද්ධයේ අවසන් සති දෙක තුළ සියලු දේ පිළිබඳව කරුණු දන්නා කෙනා මමයි. අවසාන සති දෙකේදී මමයි වැඩ බලපු ආරක්ෂක ඇමති. හිටපු ජනපතිතුමා ලංකාවේ නෑ. හිටපු අගමැතිතුමා නෑ, හමුදාපතිවරයා නෑ, හිටපු ආරක්ෂක ලේකම්වරයා නෑ අවසාන සති දෙකේදී.
මේ ගැට හුඟ දෙනෙකුට අමතකයි. ඒ අය රටින් ගියේ ඇයි කියලා හුඟදෙනෙක් දන්නේ නෑ. මම දන්නවා. අවසාන සති දෙකේදී ලැබුණ වාර්තාව තමයි අවසන් සටන පසු බසින්නේ නෑ එල්.ටී.ටී.ඊ.ය දකුණු ඉන්දියාවේ චෙන්නායි හරි කොහේ හරි කැලෑ පැත්තක ඉදලා කොළඹ සම්පූර්ණ විනාශ කරනවා උඩින් බෝම්බ දානවා කියලා තොරතුරු ලැබුණා රජයට.
ඒ නිසා තමයි ඒ අය රටින් ගියේ. මේක තමයි ඇත්ත කතාව.අවසන් සති දෙකේදී මම හිටියේ කොළඹ නෙමෙයි. මම හිටියේත් තැන් තැන්වල. මොකද මම ඉන්න තැනත් දැගන්නවා. ඒක තමයි යුද්ධයේ අත්දැකීම”
popular news
Champa Friday, 28 September 2018 11:00 AM
කොටි කොළොඹට බෝම්බ දාන්න එනව කියලත් ආරක්ෂිත ස්ථානයකට නොගිය හිටපු ජනාධිපතිතුමා අන්තිම සති දෙකේ රටින් පිට ගියා කියලා බොරු කතාවක් කියන්න හදල තියෙනව. LTTE එක මැයි මාසේ වෙනකොට හොඳටම වැටිලා හිටියේ. අපි ඒ කාලේ නැගිට්ට හැටියේ බලන්නේ හමුදාව ගියපු map එක. මට හරියටම දිනේ මතක නැහැ මැයි 16ද 17ද කියලා LTTE එක පැත්තෙන් යුද්ධේ ඉවරයි කියලා Tamil net website එක කිව්වා කොටි 3000ක් මරුන කියලා. තුවාල වෙච්ච ගාන මතක නැහැ. හිටපු ජනාධිපතිතුමා ජෝර්දානයේ ඉඳගෙනම සමුළුව අමතන කොට කිව්වා කොටි පරාජය කළා කියලා. හිටපු ජනාධිපතිතුමා ඝාතන සැලැස්මක් එලියට ඇවිල්ල තියෙන වෙලාවේ එතුමාව හෑල්ලු කරන්න මේ කතාව කියලා තියෙන්නේ. අර ඉන්දියන් මිනිහ පිස්සෙක් වෙන්න බැහැ රෝ ඔත්තුකාරයෙක් වෙන්න ඕනේ නාමල් කුමාර එක්ක connections තිබ්බ.. නැත්නම් 2017 ලංකාවට ආව ඉන්දියන් පිස්සෙක් කොහොමද ඉංග්‍රීසි පත්තරේ කියවල, main news එකත් නෙමේ, විස්තර හොයාගෙන, නාමල් කුමාරව හොයාගෙන වරකාපොල යන්නේ? පඟරනැට්ට කලේ ඉන්දියන්කාරයට එන්න කියලා පොලිසියට පාවල දුන්න එක. ඒ ඔත්තුවට ගාන කීයද? "තිර පිටපතේ" තව මොනව තියෙනවද දන්නේ නැහැ. ඒ හින්ද මිනිහව වහාම arrest කරන්න ඕනේ.
Reply : 211 28
Champa Saturday, 29 September 2018 10:30 PM
මම මුලින්ම එවපු ලංකාවෙන් ගියපු සිංහයා ඇමරිකාවේදී කවුද වුනේ කියල කියපු comment එක නැහැ. මම කිව්වේ. හිටපු ජනාධිපතිතුමා යුද්ධයේ අවසන් සති දෙකේ ලංකාවේ හිටියේ නෑ කියන එක පට්ට බොරුවක්. එතුමා 2009 මැයි 15-17 ජෝර්දානයේ තිබ්බ, රට රටවල නායකයෝ 80ක් විතර සහභාගී වුනු World Economic Forum එකට ගියා. ඒ වගේ එකකට හිටි හැටියේ යන්න බැහැ. ඒකට සහභාගී වෙනවා කියලා confirm කරන්නේ මාස 6, 7කට කලින්. අනිත් එක ඒ කාලේ LTTE එක හොඳටම වැටිලා හිටියේ. ඇත්තටම කිව්වොත් මැයි මාසේ වෙනකොට පැරදිලා හිටියේ. ඒ කාලේ LTTE එකේ මරාගෙන මැරෙන බෝම්බ කාරයෝ ඉස්සරහට ඇවිල්ල නිකම් තමන්ම බෝම්බ පුපුරුවාගෙන මැරෙන්න පටන් ගත්ත කාලේ. ඒ කියන්නේ LTTE එකේ අවසානය ඇතුලේ එවුන්ම සනිටුහන් කරන්න පටන් අරන් තිබුනේ හිටපු ජනාධිපතිතුමා දවස් දෙකකට ජෝර්දාන් යන්න ඉස්සෙල්ලත්. අනිත් එක හිටපු ආරක්ෂක ලේකම්තුමා මට මතක විදිහට ඒ කාලේ හිටියේ ලංකාවේ. - යුධ හමුදාපතිතුමා කීපදවසකට පිටරට ගියා. නමුත් ඒකෙන් යුද්දෙට කිසි impact එකක් වුනේ නැහැ ඒ මොකොද කිව්වා නම් ඒ කාලේ වෙනකොට යුද්ධෙ අන්තිම හරිය තිබුනේ. සිරිසේන ජනාධිපතිතුමා ඔය කියන විදිහේ කිසිම ශක්තියක් LTTE එකට තිබුනේ නැහැ .
Reply : 0 0
Champa Saturday, 29 September 2018 10:55 PM
දකුණු ඉන්දියාවේ කැලෙක ඉඳන් ලංකාවට බෝම්බ දාන්නේ කොහෙද අපේ හමුදාව ගහපු ගැහිල්ලට දකුණු ඉන්දියාවේ ප්රභාකරන්ගේ "යාලුවෝ" හිටියේ බඩ කොර වෙලා. අන්තිම සති දෙකේ තියා අඩු ගානේ අන්තිම මාස ටිකෙවත් ඔය කියන විදිහේ දෙයක් කරන්න ප්රභාකරන්ට පුළුවන් කමක් තිබ්බේ නැහැ. ප්රභාකරන් අන්තිමට කොලොඹට උඩින් ඇවිල්ල බෝම්බ දැම්මේ 2009 පෙබරවාරි. මේවා කියන්නේ මතකෙන්. එදා හිටපු ජනාධිපතිතුමා හිටියේ අරලියගහ මන්දිරේ රැස්වීමක. එතකොට තමයි news එක ආවේ ප්රභාකරන් බෝම්බ පුරවාගෙන මරාගෙන මැරෙන කොටි ගුවන් යානා දෙකක් එවනවා කියලා. පස්සේ confirm කරලා තිබුන කොළොඹ පැත්තට එන්නේ කියලා. හිටපු ජනාධිපතිතුමා ඒ කතාව රැස්වීමේ හිටපු ඇමතිවරුන්ට කිව්වහම නිමල්සිරිපාල අහල තිබුන කොටි උඩින් බෝම්බ දාන්න එනවා නම් රැස්වීම ඉක්මනට ඉවර කරමු නේද කියලා. එතකොට හිටපු ජනාධිපතිතුමා කියල තිබුන උන් ආවට මේ පාර ආපහු යන්නේ නැහැ කියලා. ඊටත් හුඟක් පස්සේ තමයි හිටපු ජනාධිපතිතුමා රැස්වීම ඉවර කරලා තියෙන්නේ. කිව්වා වගේම LTTE ගුවන් යානා දෙකට කොළොඹට එන්න ඇරලා ගුවන් හමුදාවෙන් වැට්ටුව. කොටි කොලොම් බෝම්බ දාන්න එන බව දැනගෙනත් ගණන් නොගෙන හිටපු එතුමා අන්තිම සති දෙකේ පිටරට යනවද?
Reply : 0 0
Champa Saturday, 29 September 2018 11:12 PM
හොඳ වෙලාවට සිරිසේන ජනාධිපතිතුමා මේ කතාව ලංකාවේ මිනිස්සු ඉස්සරහ කිව්වේ. හදිසියෙන්වත් මේ කතාව එක්සත් ජාතීන්ගේ සමුළුවේ කරපු කතාවේදී එහෙම කිව්වා නම් යුද්ධයේ අන්තිම සති දෙකේ මම තමයි වැඩ බලපු ආරක්ෂක ඇමති හෙවත් මම තමයි යද්ධය ඉවර කරපු කෙරුම කියලා මුළු සභාවම හිනා වෙයි අර ට්‍රම්ප්ට හිනා වුනා වගේ. දන්නවනේ ට්‍රම්ප්ට වෙච්ච දේ. මිනිහ කිව්වහම "“In less than two years, my administration has accomplished more than almost any administration in the history of our country,” මුළු සභාවම හිනා වෙලා. එතකොට ට්‍රම්ප් කිව්වා “I didn’t expect that reaction but that’s okay" ඊට පස්සේ සභාව ආයෙත් හිනා වෙලා. හරියට මෝඩ ආණ්ඩුව වගේමයි කතාව.
Reply : 0 0
Champa Friday, 28 September 2018 11:45 AM
71 කැරැල්ල කාලේ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ ආරක්ෂාවට ඉන්දියාව නැවක් එව්වා කියල මම අහල තියෙනව. ඒ වගේම එතුමිය ආරක්ෂාවට නැවට වෙලා හිටිය කියලත් කියනවා. හිටපු ජනාධිපතිතුමා නම් කොටි එක්ක දරුණුවට යුද්ධේ තියෙත්දිම කිලිනොච්චියටත් ගියා. බෝම්බ ගහපු තැන් වලටත් ගියා. කොටි පරාජය කරලා යුද්දේ දිනපු බව අහල මිනිස්සු පාරේ කිරිබත් උයාගෙන කනකොට එතුමාටත් අරලිය ගහ මන්දිරේට වෙලා ඉන්න බැරුව බෙල්ලන්විල හරිකොහෙද හරි මට මතක නැහැ තැන හරියටම එතුමා පාරේ මිනිස්සු කිරිබත් කන තැනට ගිහාම තරුණයෝ එතුමාව දැකල ඇයි ඔබතුමා පාරට ආවේ කියලා අහල එතුමාගේ ආරක්ෂාවට එතුමාව වට කරගෙන වළල්ලක් වගේ හිටය කියලා එ දවස්වල පත්තරේ තිබ්බ මට මතකයි. එතුමා පැරදුනත් කවදාවත් මිනිස්සුන්ගේ ආදරේ අඩු වුනේ නැහැ. හිටපු ජනාධිපතිතුමා රට වෙනුවෙන් කරපු සේවය හෑල්ලු කරන්න ඔය වගේ කතා කිව්වට මුළු රටම දන්නවා එතුමා කොටි පරාජය කලේ තමන්ගේ ජීවිතේ ගැනවත් නොහිත කියන එක. ඔබ පෙන්වන්නේ ඔබේ පහත ගතිය. එතුමාව පරද්දලත් ඔබට මදි වෙලා තියෙන බව පේනවා. ඔබට අනුකම්පා කරනවා.
Reply : 258 29
Champa Friday, 28 September 2018 12:31 PM
Hey I distinctly remember sending another comment before the above two. Too bad I didn't save it.
Reply : 0 0
anura Friday, 28 September 2018 03:26 PM
සිංහලයට ගිය කල දසාව පේනවා නේද ? ජනපති සිරිසේන ගොතපු බොරුවේ තරම !! කොතරම් පහතට ගිය හොර චින්තනයක්ද දේශපාලකයන් අතර තිබෙන්නේ ? දන්නෝ දනිති සිරිසේන යුද්ද කරපු විදිය !!
Reply : 0 3
Champa Friday, 28 September 2018 04:36 PM
දැන් මේ මාතෘකාව තව සති 2ක් තුනක් විතර ඇදිලා යයි. මෙහෙම තමයි මෝඩ ආණ්ඩුව අවුරුදු 3 1/2ක් survive වුනේ. දැන දැනම බොරුවක් හදල කියනවා. අර මහින්ද මැදමුලනට helicopter එකේ ගිය කතාව වගේ. ඊට පස්සේ අනිත් පැත්තෙන් ඒක නිවැරදි කරන්න තර්ක විතර්ක ගේනවා දිගට හරහට. රූපවාහිනී සාකච්චා තියනවා. පත්තර අදහස් දානවා. මට නම් මේ බොරුව දැන් ඇති වෙලා තියෙන්නේ. රටේ ප්‍රශ්න එහෙමමයි. අනිත් අතට යටින් රටේ ඉඩම් කර්මාන්ත විතරක් නෙමෙයි අපේ රටේ මිනිස්සු කරපු සාමාන්‍ය පර්යේෂණ පවා විදේශීය රටවල් වලට කරන්න දෙනවා. මේ ආණ්ඩුව යනකොට යන්නේ මහා ප්‍රශ්න ගොඩක් රටට ඉතිරි කරලා.
Reply : 0 0
weliweriye dil Saturday, 29 September 2018 10:28 AM
මහින්ද යුද්දේ ඉවර කලේ රටට තියෙන ආදරේ හින්ද නොව බොල. උගේ ආත්ම ආරක්ෂාවට . LLTE එක්ක Deal එකක් ගැහුවා එකට උන් බැ . එකට තරහා ගිහින් තමා ගැහුවේ . ගහන කොට මහින්ද රටේ හිටියේ නැ. ඔක්කම උගේ ප්ලැන් . උබලගේ මහින්ද හොද එකා නං මොකටද වතුර ඉල්ලපු අපේ වැලිවේරිය අහිංසක මිනිස්සුන්ව නිකන් මැරුවේ? අපේ වෙලිවෙරිය ශාපය කවදත් මහින්දට තියේ . එක නැති වෙන්නේ නැ. මහින්ද රාජපක්ෂ ට ශාප වේවා !!!
Reply : 7 0
Champa Sunday, 30 September 2018 11:28 PM
අනේ බූරුවෝ. මහින්දට සාප කරාට වදින්නේ නැහැ ඒවා ඔඹටම ආපිට එනව. වැලිවේරියේ වෙඩි තියන්න අණ දුන්නේ මහින්ද නෙමෙයි. ඒ හින්ද ඔය කියන ඒවායින් වැඩක් නැහැ. රෑට පන්සිල් අරන් නිදාගනිපන්. නැත්නම් ගොලුබෙල්ලෙක් වෙයි ලබන ආත්මේ ඔන්න අපි නම් දන්නේ නැහැ.
Reply : 0 0
Daham Saturday, 29 September 2018 03:46 PM
පිස්සු හැදිලා.
Reply : 0 0
fonseka Saturday, 29 September 2018 06:13 PM
අය්යෝ සිරිසේන නිකම් බොරු කියන්න එපා. මේවා කිව්වම ඔයා තමාය් නොන්ජල් වෙන්නේ. එක හරියට ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ කජ්ජු හොඳ නතෙය් කියල හම්බන්තොට රැස්වීමක කිව්වා වගේ. ඔයා එක වැදගත් විදියට කියන්න ඕන ශ්‍රී ලන්කන් එකේ සබපතිට . ශ්‍රී ලංකාවේ පළමු පුරවැසිය තමන්ගේ ගුවන් සේවේ බාල්දු නොකර. ඔයා යුද්දේ කලානම් දැන් ලංකාවේ ඊළම පිහිටවල ඉවරය් . ඔයා විසින්ම ඔයා නැහෙනවා. නුගත් කම තමය් සිරිසේන.
Reply : 0 6
සෙනෙවි Sunday, 30 September 2018 10:00 PM
අම්මටහුඩු ! අපි දැනගෙන් හිටියේ නෑ නේ ආයුබොවං .
Reply : 0 0
A.R.වීරසේන . Monday, 01 October 2018 05:04 AM
සිරිසේනට කව්ද ලණුවක් දීලා.හිටපු ජනපති,හමුදාපති පැනල ගියේ නැහැ. එක මුළු රටම දන්නවා. සිරිසේනට ජනාදිපති වෙන්න පුළුවන් උනේ සොබිත හිමියන් නිසා. මේ වීරයෙක් වගේ කතාකරන සිරිසේන 2015 ජනාදිපතිවරණය අවසන් උන පසුව කුරුණෑගල නිවසක සැගවී සිටි බව කියන පත්තර වාර්තාව මතකද? එලියට ආවේ ප්‍රතිපල නිකුත් උන පසුවලු. එහෙම බිය ගුල්ලෙක් යුද්දේ දී වීරයෙක් වෙන්න හදනවා. හත්පොලේ ගා ගත්තා. නොදන්නා දෙමළෙට ගිහින් වරිගේ නසා ගත්ත . ලෝකයා ඉදිරියේ ජෝකරයෙක් උනා.
Reply : 0 0
Chutta Monday, 01 October 2018 05:28 AM
මින් අදහස් වෙන්නේ යුද්දයේ අවසන් සතියදී සිදුවුවයි කියන අපරාද වලට මෙය වග කියන්න ඕනේ නේද?
Reply : 0 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd