Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 දෙසැම්බර් මස 15 වන ඉරිදා
2024 දෙසැම්බර් මස 15 වන ඉරිදා
යුද හමුදාව වෙනුවෙන් ආහාර සඳහා මස් වර්ග සැපයීමේ ටෙන්ඩර පසුගිය වසර 14 තුළම හිටපු කැබිනට් අමාත්‍යවරයෙකු වන ෆීලික්ස් පෙරේරා මහතාගේ නමින් ඇති සමාගම විසින් ලබාගෙන ඇතැයි ඊයේ (09දා) පාර්ලිමේන්තුවේදී අනාවරණය විය.
පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමුකළ ප්‍රශ්නයකට ආරක්ෂක රාජ්‍ය ආමත්‍ය රුවන් විජයවර්ධන මහතා ලබාදුන් පිළිතුරෙන් මේ බව අනාවරණය විය.
පීලික්ස් පෙරේරා සහ පුද්ගලික සමාගම ලෙස සමාගමක් පිහිටුවා ගනිමින් වසර 14ක් පුරාවටම මස් සැපයීමේ ටෙන්ඩරය ලබාගෙන ඇති බවත්, තවදුරටත් මස් සපයමින් සිටින බවත් එහිදී අනාවරණය විය.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා පවසා සිටියේ, "2005 වසරේ සිට වර්තමානය දක්වා යුද හමුදාවට මස් සපයපු පුද්ගලයන් අතර මේ වසර 14 තුළම මස් සැපයීම් කරන කැබිනට් අමාත්‍යවරයෙකු ඉන්නවා. එතුමාගේ නමින්ම මේ සමාගම නම්කර තිබෙනවා. පීලික්ස් පෙරේරා සහ පුද්ගලික සමාගම ලෙස එය නම්කර තිබෙන්නේ.
ඒකියන්නේ පීලික්ස් පෙරේරා සහ පුද්ගලික සමාගම වසර 14ක් මේරටේ යුද හමුදාවට මස් සපයන කොන්ත්‍රත්තුව අරගන්නවා. කැබිනට් අමාත්‍යවරයෙකු විදියට එතුමාගේ නමින්ම සමාගමක් හදලා මේ කොන්ත්‍රාත්තුව කරගෙන යනවා. අදටත් එය සිදුවෙනවා. පසුගිය කාලසීමාව තුළ මෙය කවුරුත් කියලා නැහැ.
යුද හමුදාවට මස් සැපයීමේ තනි ටෙන්ඩරය කැබිනට් ඇමතිවරයෙකු ලබාගැනීමට කටයුතු කිරීම මොනතරම් ලොකු වරදක්ද? මෙය අපරාධයක්. මේ අපරාධය වෙනුවෙන් ක්‍රියාමාර්ග ගතයුතුයි. මොකද වාහනයක් ගත්තා කියලා පොඩි පොඩි දේවල්වලට මන්ත්‍රීවරුන් සිරභාරයට ගන්නවා. මෙය මහා බරපතළ සිද්ධියක්" යනුවෙනි.
එයට පිළිතුරු දෙමින් ආරක්ෂ රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා පවසා සිටියේ, "මේගැන පරීක්ෂණයක් පවත්වන්න පුළුවන්. ෆීලික්ස් පෙරේරා මහත්මයා දැන් පාර්ලිමේන්තුවේ නැහැ. පාර්ලිමේන්තුවේ ඉන්න කාලයෙත් ටෙන්ඩර් කරලා ලබාදීලා තියෙනවා කියලා හිතනවා. ප්‍රසම්පාදන කටයුතු මගින් සැපයුම්කරුවන් තෝරාගෙන තිබෙනවා. කුකුළු මස්, එළු මස්, හරක් මස්, ඌරු මස් සැපයුම මේහරහා සිදුකරනවා. පරීක්ෂණයක් කරන්න පුළුවන්" යනුවෙනි.
popular news
ලංකාපුත්‍ර Friday, 10 May 2019 06:30 AM
හිටපු යුධ හමුදාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොනසේකා මැතිතුමා සිරගතකලේ එතුමාගේ බෑනාගේ සමාගමකින් හමුදාවට භාණ්ඩ මිලට ගත්තා කියලනේද.ඒකාලයේ මේ ඇමතිවරයා පාර්ලිමේන්තුවේ සිටියානේද.එහෙම ඇමතිවරු සිටය ආණුඩුවකින් එම ඇමතිගැන නොබලා රට බේරාගත් වීරයා සිරගත කලා එතුමාට දැනුත් කෙනහිලි වෙනවා.මේ අසාධාරණවලට විසඳුමක් නැද්ද
Reply : 0 62
rocky Friday, 10 May 2019 07:09 AM
සයිස් එකේ හැටියටත් මස් පරුවතයක් වගෙයි!
Reply : 3 9
bamunuaarachchi Friday, 10 May 2019 09:30 AM
හරක් හොරුත් එක්ක බොහොම හොඳට ගනු දෙනු කරනවා ඇති!
Reply : 0 5
chathuri Friday, 10 May 2019 05:54 PM
මේ හරක් හොරා මස් කඩ. කරන්න ඕන. නිසයි පාර්ලිමේන්තුවට. ගියේ ගමට සත පහකවැඩ ක් කරන්නේ. නැහැ. කෙරුවෙත් නැහැ අවුරුදු. 14 වගේ. නෙමේ ආත්ම ගානක් ගොනෙක් වෙලා. ඉපදිලා ඔය පව්. ගෙවයි , දන්නා දවසේ. ඉඳලම කරලා. තියෙන්නේ තිරිසන්. වැඩ රටට. ගමට දෙයක් කෙරුවේ නැහැ
Reply : 0 8
dilal Saturday, 11 May 2019 04:27 PM
අර රනිල්ට විරුද්දව නඩුවක් දැම්මේ ලේක්හවුස් කොටස් තියෙනවා කියල.අන්න ඒ මහත්මියට හොඳ අවස්ථාවක් තව නඩුවක් දාන්න. ඇමති තනතුරක් දරන ගමන් රජය සමග කොන්ත්‍රාත් කරනවා කියා.ලේක්හවුස් කොටස් නම් රනිල්ට තම සීයාගෙන් ලැබුන ඒවා.නමුත් මේ කොන්තත්තුව ඇමතිවරයෙක් කෙලින්ම රජය සමග ඇතිකරගත් එකක්.
Reply : 0 1
Kumar Tuesday, 14 May 2019 07:05 AM
ඔය මස් ටෙන්ඩරය මොහොමඩ් ඉම්ටියාස් නම තියෙන කෙනෙකුට දුන්නම් කියයි එකේ වඳ බෙහෙත් දමල කියල.
Reply : 1 0
Antony fernando Tuesday, 14 May 2019 02:56 PM
Api balaporptthuwena ratak apata ne.ape ahinsaka sekaya parlimenthuwe inna 225 weddenek 21 praharayata sambandaida kiyala.hethuwa sema ketumarhakma sammatha karana rnil mahathmaya mehe thibena thathwaya selakillata gena sarathponseka mahathmayawa aarksaka baladariya lesa path nokaranne eidai nodani.jabathipathithuma podidaruwek wage powdgalika amanapakam mathakathiyan muluratama giniganna theendu gannabawai mage hegeema.sudusu welawata sudusu kena ratama illana kena addekim thibena kena pathnokireeme prathipalaya jathin athare asamagiya wardanwenna hethuwak unakiyalai hithenne.janathipathithuma agamethithuma dedanagen illasitinne obala dedenata sahyogayen ekathuvee regenayamata nohekinam adissi thathwaya hadunagena ikman parlimenthu methiwaranaya saha janathipathi methiwaraya thiyanna. Rata rkinawada vinasakaranawada janaya theeranaya karai.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd