යුද හමුදාව අද දිනයේ ද ගම්පහ දිස්ත්රික්කයේ ප්රදේශ කිහිපයක ජංගම එන්නත්කරණ වැඩසටහන ක්රියාත්මක කරනවා.
මීරිගම, පල්ලෙවෙල, දිවුලපිටිය, මිනුවන්ගොඩ, ගම්පහ, යක්කල, නිට්ටඹුව, වේයන්ගොඩ, කඩවත හා මහර යන ප්රදේශ ඊට ඇතුළත්.
එමෙන්ම කිරිබත්ගොඩ, පෑලියගොඩ, අත්තනගල්ල, කිරිදිවැල, මල්වතුහිරිපිටිය, වත්තල, කදාන, ජා ඇල, බෝපිටිය, පමුණුගම, සීදුව, රාගම, ගනේමුල්ල ආදී ප්රදේශවලද ජංගම එන්නත්කරණ වැඩසටහන ක්රියාත්මකයි.
අකුරේගොඩ යුද හමුදා මූලස්ථානයේ දී ද එන්නත්කරණ වැඩසටහන සිදුවන බව යුද හමුදාව දැනුම් දෙනවා.
දියත උයන පරිශ්රයේ එන්නත්කරණ වැඩසටහනද අද දිනයේත් ක්රියාත්මක වනවා.