හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පසුගියා සිදුකළ විශේෂ ප්‍රකාශයෙන් ත්‍රිවිධ හමුදාව විවේචනය කිරීමක් හෝ යුධ හමුදාවේ කාර්යභාරය ගැන කතා නොකළ බවත් ඔහුගේ ප්‍රකාශය වැරදි ලෙස අවබෝධ කරගෙන යුධ හමුදාපතිවරයා සිදුකර ඇති ප්‍රකාශය ගැන තමා කණගාටුවන බවත් එක්සත් ජාතික පක්ෂ සභාපති, හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා ප්‍රකාශ කළේය.
කොරෝනා කාර්ය සාධක බලකාය වහා විසුරුවා හැරිය යුතු බවට හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා කළ ප්‍රකාශය වැරදි සහගත ප්‍රකාශයක් බවත් රනිල් වික්‍රමසිංහ මහතා කොරෝනා එන්නත ලබාගත්තේ යුධ හමුදා රෝහලෙන් බවත් යුධ හමුදාපතිතුමා සිදුකර තිබෙන ප්‍රකාශය සම්බන්ධව සිය ස්ථාවරය කුමක්දැයි සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැගුව පැනයකට පිළිතුරු දෙමින් වජිර අබේවර්ධන මහතා මේ බව පැවසීය.
Q කොරෝනා කාර්ය සාධක බලකාය වහා විසුරුවා හැරිය යුතු බවට හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා කළ ප්‍රකාශය වැරදි සහගත ප්‍රකාශයක් බවත් රනිල් වික්‍රමසිංහ මැතිතුමන්ද කොරෝනා එන්නත ලබාගත්තේ යුධ හමුදා රෝහලෙන් බවත් යුධ හමුදාපතිතුමා ප්‍රකාශ කොට තිබෙනවා. මේ සම්බන්ධව ඔබතුමාගේ ස්ථාවරය කුමක්ද?
A යුධ හමුදාපතිතුමාගේ ඒ ප්‍රකාශය ගැන මා කණගාටුවට පත්වෙනවා. ඔබ හෝ මම එන්නත් ලබාගත්තේ කොහෙන්ද කියන එක සෞඛ්‍ය නීතීරීතීවලට අනුව ප්‍රකාශ කරන්න අයිතියක් නැහැ. ඒක රෝගියාගේ තිබෙන අයිතිවාසිකමක්. පරිපාලන කටයුතු හැටියට කල්පනා කර බැලුවම වෛද්‍ය විද්‍යාවේ සිද්ධාන්ත අනුව ඒ ප්‍රකාශය ඉතාම බාලාංශ ප්‍රකාශයක් ලෙසයි මා දකින්නේ. ඒ වගේම අප තවත් එක් කාරණයක් මතක තබා ගත යුතුයි. රනිල් වික්‍රමසිංහ මහතා කතා කළේ එන්නත් ලබාදෙන ස්ථාන ගැන හෝ යුධ හමුදාවේ යම් කාර්යභාරයක් ගැන නොවේ.
එතුමන්ගේ ඒ ප්‍රකාශය වරදවා වටහා ගත යුතු නැහැ. රනිල් වික්‍රමසිංහ මැතිතුමා කතා කළේ කොරෝනා ව්‍යසනය හමුවේ ලෝකයේ අනෙකුත් රටවල් මෙවැනි සෞඛ්‍ය පරිපාලනමය කටයුත්තක් ජාතික වශයෙන් ක්‍රියාවට නැංවීමේදී අනුගමනය කරන ක්‍රියාදාමයන් ශ්‍රී ලංකාවත් අනුගමනය කළ යුතු බවයි.
රනිල් වික්‍රමසිංහ මැතිතුමා ප්‍රකාශ කළේ නීතීරීතීවලට අනුව කටයුතු කරන ලෙසයි. වෛද්‍යවරු 22,000 ක් සිටින මේ රටේ එක් වෛද්‍යවරයෙක් දිනකට පුද්ගලයින් 3000 කට එන්නත් ලබාදුන්නොත්, හෙද හෙදියන් 45,000 ක් සිටින මේ රටේ එක් හෙදියක් පුද්ගලයින් 3000 කට එන්නත් ලබාදුන්නොත් මේ ප්රශ්නය සමාප්ත කල හැකියි. මේ ක්‍රියාවලිය හරහා සෞඛ්‍ය අමාත්‍යාංශය මුලුමනින්ම අකර්මන්‍ය කර තිබෙනවා. එය වැරදියි. ඒ පිළිබඳව තමා එතුමා කතා කළේ. නමුත් මේ ප්‍රකාශය වැරදි ලෙස අවබෝධ කරගෙනයි යුධ හමුදාපතිවරයා අදහස් ප්‍රකාශ කරලා තිබුණේ.