යාපනය,උරුම්පිරායි ප්රදේශයේ රාජකාරියේ නිරත යුධ හමුදා නිළධාරීන් පිරිසකගේ රාජකාරියට බාධා කිරීම මත පුද්ගලයින් තිදෙනෙකු ඊයේ (23දා) සවස අත්අඩංගුවට ගත් බව යාපනය කෝපායි පොලිසිය පවසයි.
පොලිසිය පැවසූවේ මාර්ග බාධක රාජකාරියේ නිරතවූ යුධ හමුදා කණ්ඩායමක රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන් වයස අවුරුදු 25 ත් 30 ත් අතර පසුවන පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් යාපනය මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, සිද්ධිය සම්බන්ධයෙන් කෝපායි පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.