කුච්චවේලි පොලිස් මාරක බාධකයේදී කල හදිසි සෝදිසි මෙහෙයුමකදී නීතිවිරෝධි මත්පෙති තොගයක් සහ හෙරෝයින් තොගයක් යතුරුපැදියකින් ප්රවාහනය කල තරුණයෙකු අත්අඩංගුවට ගත් බව කුච්චවේලි පොලීසිය පවසයි.
මෙලෙස පොලිස් අත්අඩංගුවට පත් සැකකාර තරුණයා (27) හැවිරිදි වියේ පසුවන පුල්මුඩේ ප්රදේශයේ පදිංචිකාර මුස්ලිම් ජාතිකයෙකු බවත්, මොහු මීට පෙරද මෙම නීතිවිරෝධි මත්පෙති ජාවාරමේ නිරතව දඩුවම් ලබා ඇති අයෙකු බව මූලික විමර්ශන වලදී අනාවරණය වී තිබේ.
අදාල සැකකාර තරුණයා සිය යතුරුපැදියේ වායු පවිත්රකාරකය තුළ ඉතා සූක්ෂම ලෙස මත්පෙති 1300ක් සමග නීතිවිරෝධි හෙරොයින් ග්රෑම් දෙකයි මිලිග්රෑම් 300ට ආසන්න ප්රමාණයක් සගවාගෙන ත්රිකුණාමල ප්රදේශයේ සිට පුල්මුඩේ දක්වා රැගෙන යමින් සිටියදී පොලීසිය විසින් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබුණි.
පොලිස් අත්අඩංගුවට පත් තරුණයාගෙන් කල ප්රශ්න කිරීම් වලදී අනාවරණය වී ඇත්තේ තමන් ප්රදේශයේ තරුණ පිරිස් සහ පාසල් ළමුන් ඉලක්ක කරමින් මේවා අලෙවි කරන ජාවාරමක නිරතව සිටින බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් කුච්චවේලි පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ප්රධාන පොලිස් පරික්ෂක ජනක විතානගේ ප්රියදර්ශන මහතාගේ උපදෙස් පරිදි පුළුල් විමර්ශන ආරම්භ කර තිබේ.